IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිපදවීම කඩිනම් කරනවා’’

(අංජුල මහික වීරරත්න)

එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිෂ්පාදනයට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,25,000 - 1,75,000 අතර වන බව කී අලුත්ගමගේ මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගෙන්නේ ඉතිහාසයේ පළමු වරට බවද කීය.

රටෙි අවශ්‍යතාව ඉටුකරගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැති බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40 කින් අවසන් බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර තිබෙන නමුත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200 ක් ප්‍රයෝජනයට ගතහැකි සුවිශාල ජාතික සම්පතක් බවද සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කර ක්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමට තීරණය කොට තිබෙි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (24) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (17)

“පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිපදවීම කඩිනම් කරනවා’’

මාම Tuesday, 24 August 2021 04:10 PM

අප රටේ ජනතාව කොතරම් අවාසනාවන්තද.

:       1       15

de silva Tuesday, 24 August 2021 04:16 PM

මේ කොරෝනා අස්සේ ඔය මගුල් කරන්න බැහැ. පරණ පුරුදු විදිහට ගොවියාට ගොවිතැන කරගෙන යන්න ඉඩ දෙන්න. නැතිනම් අර හාමුදුරුවෝ කිව්ව විදිහට පීඩනයට පත්වන ජනතාව වීදි බැස්සොත් ඔබලාට දුවන්න පාර ඉඩමදි වේවි...!!!

:       4       18

සාරා Tuesday, 24 August 2021 05:03 PM

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ මෙහෙය වූ අය විසින්, 'පොස්පේට් නිධිය සුරකිමු'... යනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර වුවද මෙහෙයවිය හැකිය...

:       12       13

kamal Tuesday, 24 August 2021 05:10 PM

විමලෙට කටුව ගැහුණා වගෙයි...

:       1       12

විජේ Tuesday, 24 August 2021 05:29 PM

සුපිරි හොරෙක්ගෙන් ඒක අහන්න වීම ගැනයි බය. අඩුමගානේ 60%කවත් ආදායම පිට පාරෙන් යයි.

:       5       21

de silva Tuesday, 24 August 2021 06:17 PM

පොස්පේට් කියන්නේ රසායනික ද්‍රව්‍යයක් නොවේද? ඒවා යොදලා හදන පොහොර කාබනික පොහොර ලෙස නම්කළ හැකිද?

:       4       21

sampath Tuesday, 24 August 2021 06:45 PM

එප්පාවල පොස්පේට් කියන්නේ රසායනික ද්‍රව්‍යක් මේකේ මූලිකවම අඩංගු වෙන්නේ කැල්සියම් පොස්පරස් සහ ෆ්ලුවරිඩ් කියන රසායනික සංයෝග.

:       2       12

Hafeel Tuesday, 24 August 2021 07:26 PM

මෙයාත් අර බන්දුල ගුණවර්ධන වගේ කයිවාරු පමණයි. මහා ලොකුවට මෙයා පම්පෝරි ගැහුවා හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න ඉඩ දෙන්න නැහැ කියලා. නමුත් පාකිස්තානයෙන් හාල් ආනයනය කරන්න කැබිනෙට් අනුමැතිය දෙනකොට මෙයා කොහෙද හිටියේ? ඒ වගේ තමයි මෙයා වරක් කිව්වා රජයක් වුවත් හාල් මෝල් කාරයින් ඉදිරියේ දණගහන්න වෙනවා කියලා...

:       2       9

Lalith M Tuesday, 24 August 2021 09:25 PM

මොකුත් හරියට ඉගෙන ගත්ත නැති බයියො රෑනක් කැබිනට්ටුවට රිංගල රට වනසනවා. ඒ ඒ ක්ෂේත්‍රයට අදාල දැනුමැතියෝ උන්ට සර් කියන්න දමල. රට ගොඩ ගන්න ආපු ස මෙහෙම කරයි කියල කව්ද හිතුවේ. බලපුවාම එයත් නියම උගතුන්ට බයයි වගේ.

:       0       1

කතුරු සිංහ Tuesday, 24 August 2021 09:31 PM

මේ නිධියෙන් පොහොර හදන්න නං සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවන්න ඕන . ඒක ලොකු වියදමක් වගේම ලොකු තාක්ෂණික වැඩක්. ඒ වගේම ඒකෙන් ලැබෙන්නේ රසායනික පොහොර . කිසිම ආයෝජකයෙක් ඒක ලංකාවේ කරන්න කැමති නෑ . උන්ට ඕන නිධිය පිටින් ගන්න . ඒක ලොකු වස්තුවක් . අපේ ඇමති කියනවා ඒකෙන් කාබනික පොහොර හදනවාලු. කමක් නෑ ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

:       0       2

Raveendra Tuesday, 24 August 2021 09:38 PM

වැඩේ නම් ඉතාමත්ම හොදයි "ගොයියෝ"..... ඉතින් "කැටයම් කලාව පැත්තකින් තියල තටම තටම" ඉන්නේ නැතිව වැඩේ ඉක්මන් කලොත් රටට හොදයි....

:       1       0

එරා Tuesday, 24 August 2021 11:08 PM

පොස්පේට් යොදා හදන පොහොර රසායනිකයි...

:       0       2

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 07:38 AM

ඒගොලන් කලින් ඒක කරල ඕක බේරගත්ත නිසා තමයි ඉතිරිවෙල තියෙන්නෙ? ලංකාවෙ නෙවෙයිද හිටියෙ , බැංකු සංගම් පවා ඒ සටනට ආව, හැත්තෑවක් රට කරපු දෙපැත්තෙම අය ඕක විකුනන්න හැදුව, පොස්පේට් කාබනික නෙවෙයි. ඒක රසායනික ක්‍රම මගින් තමයි භාවිතයට ගන්න පුළුවන් විදියට සකස් කෙරෙන්නෙ. මේක කරන්න තිබුනෙ බොහොම කාලෙකට පෙර මේක කාබනික වැඩක් නෙවෙයි ජාතියක් හැටියට තම සම්පත් භාවිතා කිරීමක් මේව නොකෙල එකට ටොකු ඇනගන්න කියන්න ඇමතිට.

:       0       1

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 07:40 AM

ඉස්සරවෙලාම ඔකෙ ප්‍රධානිිය ලෙස අපේ මිනිහෙක් හරි පවුලෙ කෙනෙක් හරි දාගන්න. වැඩේ මාස හයෙන් ගොඩ

:       0       1

සෙනෙවිරත්න Wednesday, 25 August 2021 07:50 AM

ගෙදර නිධානයක් තියාගෙන හිඟාකන තත්ත්වයට රට පත්කරල ආයෙ කයිවාරු, කරයි කියල තමයි බය, එහෙම කියන්නෙ කඩදාසි, උක් වගේ කර්මාන්ත ශාලා ආරම්භ කරපුු හැටියට

:       0       1

Tharindu Wednesday, 25 August 2021 01:06 PM

අපිට ඉස්කෝලේ කාලේ සර් කෙනෙක් කිව්ව කතාවක් මතක් වුණා. ජපානේ ස්වාභාවික සම්පත් තිබුණාට එයාලා ඒවා පාවිච්චි කරන්නේ නෑ. එයාලා ඒවා තියාගෙන පිටරටවල්වලින් ගෙනත් පාවිච්චි කරනවා. හේතුව යම් කිසි කාලෙක අනික් රටවල ඒවා ක්ෂය වුණාම එයාලාට එයලාගේ ඒවා පවිච්චි කරන්න පුලුවන් වෙනවා කරදරයක් නැතුව. ඒ වගේ ජාතික ප්‍රතිපත්ති ලංකාවට නම් හීනයක්...

:       0       0

sam Thursday, 26 August 2021 09:29 AM

මේ කට්ටියම බලේ ඉන්නකොට මන්නාරම් ද්‍රෝණියේ තෙල් මේ දැන් හම්බවෙනව වගේ පට්ටම පට්ට බොරැ කෙලියෙ ඉතිං මේ අය කොහොම විශ්වාස කරන්නද. මේ ඔක්කොම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29359 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11616 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 719 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 864 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site