IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු විශේෂ කාරක සභාව ජනපති - කාදිනල්තුමන් හමුවට යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගෙන්ද කරුණු විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සාමාජිකයෙක් “ලංකාදීප”යට ඊයේ පැවසීය.

කමිටු සාමාජිකයන් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවට ගොස් මෙසේ කරුණු විමසීමට අදහස් කරගෙන සිටින බව කී එම ප්‍රකාශකයා, දෙදෙනා කමිටුව හමුවට කැඳවීම සුදුසු නොවන බවට අවබෝධ කරගෙන සිටින හෙයින් එසේ කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම්වලදී ජනාධිපතිවරයා හා අගරදගුරුතුමා පිළිබඳව විවිධ අදහස් පළ කෙරුණු බවත්, මේ තත්ත්වය යටතේ එම දෙදෙනාගෙන් කරුණු විමසීම ද වැදගත් බවත් කමිටු සාමාජිකයෝ අදහස් කරති.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරුතුමාත් ජනාධිපතිවරයාත් පසුගිය දිනවල විවිධ අදහස් පළ කර තිබිණි.

මේ අතර තමා කිසිවිටෙකත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට නොයන බවට ජනාධිපතිවරයා ඉකුත්දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ අතර පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් හා නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැතිවරුන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කාරක සභාවේ සාමාජිකයෙක් ලංකාදීපයට ඊයේ පැවසීය.

අගමැති ඇතුළු පිරිසෙන් ප්‍රශ්න කෙරෙන දින හා වේලාවන් පිළිබඳව අද දිනයේ පැවැත්වීමට නියමිත විශේෂ කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව ද ඒ ප්‍රකාශකයා ප්‍රකාශ කළේය.

විශේෂ කාරක සභාවෙන් සිහි කැඳවීමක් ලැබුණහොත් තමා ඕනෑම මොහොතක ඒ කමිටුව හමුවේ පෙනී සිටීමට සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආරක්ෂක අංශ ප්‍රධානීන් හා දේශපාලන නායකයන් ඇතුළු විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, තවත් 13 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි එහි සාමාජිකයෝ පවසති.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මේ මාසයේදී අවසන් කිරීමට නියමිත බවත්, එහි අවසන් වාර්තාව මැතිසබයට ලබන මාසයේදී ඉදිරිපත් කරන බවත් ඒ කමිටු ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි :ීෂී* ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු පොලිස් ප්‍රධානීහු සිවු දෙනෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුව හෙට (24) බදාදා කැඳවනු ලැබ සිටිති.
මෙසේ කැඳවනු ලැබ සිටින අනෙක් පොලිස් ප්‍රධානීන් තිදෙනා වනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දරයි.

මෙයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ මහතා ද මෙදින එම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.



අදහස් (3)

පාස්කු විශේෂ කාරක සභාව ජනපති - කාදිනල්තුමන් හමුවට යයි

max Tuesday, 23 July 2019 07:36 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ! සහරනුත් බේරලා, බද්යුදීනුත් බේරලා, හිස්බුල්ලත් බේරලා, සාලි, මුජිබර් වගේ කට්ටියත් බේරලා, කාදිනල් තුමාට වැරැද්ද පටවන්නත් පුළුවන් මේ කට්ටියට. අනේ මෙහෙමත් තේරීම් කාරක සභාවක්. අනේ කාලේ වනේ වාසේ!

:       1186       1426

sisira Tuesday, 23 July 2019 10:38 AM

නාඩගම තවමත් දිග හැරෙමින් පවතිනවා වාගේ.

:       0       1

justin Tuesday, 23 July 2019 10:57 AM

ජනාධිපතිතුමා ඊයේ නේද කිව්වේ පාස්කු ප්‍රහාරය ගැන තමන් ඕනෑම කෙනෙක් එක්ක ඉදිරියේ තර්ක කරන්න කැමතියි , ඒ නිසා ඒ ගැන දැනගන්න ඕන නම් තමන් සමග ඕන කෙනෙක්ට සංවාදයට එන්න පුළුවන් කියල . ඇයි එහෙම කියල දැන් තේරීම් කාරක සභාව ඉදිරියේ පෙනී ඉන්න බැහැ කියන්නේ . එතුමා එතනට ගියානම් ඔය එක එක තැන වල රැස්වීම වල ටික ටික කියන එක මුළු ලංකාවටම දැනගන්න සියලු විස්තරේ කියන්න පුළුවන් නේ....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site