( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන්නැයි නීතිපතිවරයා අද ( 08) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ අද දින පැවැත්වීමට නියම කර තිබූ එම පෙත්සම් විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන්වල පැවැත්වීමට තීන්දු කළේය.
මෙම පෙත්සම් අද (8) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම පෙත්සම් අද (8) දින සිට දින තුනක් නොකඩවා විභාගයට ගැනීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර තිබිණි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
අවම වශයෙන් ඒ සදහා තමන්ට සති අටක කාලයක් අවශ්‍ය බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින පැවැත්වීමට නියම කර තිබූ විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන් වල පැවැත්වීමට තීන්දු කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා , ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාර ගැන පෙත්සම් විභාගය ජුනි 7-8-9
Raveendra Monday, 08 March 2021 07:40 AM
මොන සෙල්ලම දාලා හරි වැඩෙන් ගොඩ එන්නම නේද සෑම අයම තටම තටම බලන්නේ ?? සාධාරණය වෙනුවෙන් ඇස් දල්වා සිටින ඒ අහිංසක මිනිසුන්ව තව තවත් රස්තියාදු කිරීම මොනතරම් පාපයක්ද ...??