IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාස්කු ප‍්‍රහාරය ගැන පොලිස් නිලධාරීන් 9 කට එරෙහිව පියවර ගන්නැයි නීතිපති දැනුම් දෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇති නීතීපතිවරයා  එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කර ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්‍ෂක දිසාව නියොජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් කෙරෙහි සැළකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් අදාළ කර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

 

 



අදහස් (9)

පාස්කු ප‍්‍රහාරය ගැන පොලිස් නිලධාරීන් 9 කට එරෙහිව පියවර ගන්නැයි නීතිපති දැනුම් දෙයි

Amila Thursday, 20 June 2019 05:20 PM

පොලිස් නිලධාරීන් බිල්ලට දීමට හදයි. ඔහු වටේ ඉන්න නිලධාරීන්ද පරිස්සම් විය යුතුය.සියලුම රාජ්‍ය නිලධාරීන් පෙරට පැමිනිය යුතුය.

:       5       142

de silva berlin Thursday, 20 June 2019 05:35 PM

මෙම පොලිස් නිලධාරීන් නම දෙනාට අවශ්‍ය නම් තනිව තීන්දු තීරණ අරගෙන ක්‍රියාකිරීමට බලතල තිබුනද ?

:       0       149

de silva berlin Thursday, 20 June 2019 08:26 PM

මෙම පොලිස් නිලධාරියෝ නම දෙනාට ඉහලින් පොලිස් පති ඉන්නවා , පොලිස් පතිට ඉහලින් අර්රක්ෂක ලේකම් ඉන්නවා , ආරක්ෂක ලේකම්ට ඉහලින් ආරක්ෂක ඇමති ඉන්නවා , ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ඉහලට දන්වන්නේ නැතුව සගවාගෙන හිටිය නම් හෝ ඉහලින් අපු නියෝග ක්‍රියාත්මක නොකර හිටියනම් මෙම නිලධාරීන් 9 දෙනාට දඩුවම් කරන්න පුළුවන් නමුත් පොලිස්පති තේරීම් කාරක සභාවේ කියපු විදිහට ඔහුත් දැනගෙන ඉඳල තිබෙනවා , ඔහු ඉහලට දැනුම් දීලා තිබෙනවා.

:       33       118

Prabha Thursday, 20 June 2019 09:14 PM

එතකොට කලින්ම දැනගෙන හිටිය මැති ඇමතිලට දඬුවම් ලැබෙන්නේ නැද්ද?

:       0       70

liyanage Thursday, 20 June 2019 09:39 PM

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය" අබ්දුල් රසීක් විසින් පසුගිය කාලවල කියා තිබෙන දේවල් සහ පසුගියදා කාරක සබාවට පැමිණ දෙන පිළිතුරුවලින් පෙනීයන්නේ ඔහු ඉතාම සුක්ෂම මෙන්ම කපටියකු බවත් කෙටියෙන් කියනවා නම් කොලේවහල ගසන්න දක්ෂයකුබවත් පෙනේ. මොහු පිලිබදව ගැබුරු සෙවීමක් අත්‍යාවශ්‍යය

:       0       108

Mahee Friday, 21 June 2019 01:28 AM

ඉතාම හොඳ වැඩක්. ඒ මොකද, රහස් තොරතුරු ලැබී ඇති මේ නිලධාරීන් තමන් හරියට කටයුතු කලාද නැද්ද යන්න එක්කෝ අධිකරණයේදී ඔප්පු වෙයි, නැත්නම් නිදහස් වෙයි. දෙපැත්තටම හොඳයි. ලොකු ලොක්කොත් අනිවාර්යයෙන්ම ඇදිලා එනවනේ

:       4       3

සී.කේ. ලංකාපුත්ර Friday, 21 June 2019 01:36 AM

එතකොට මඩකලපුවේ සියෝන් පල්ලියට එල්ල වූ ප්‍රහාරයට වග කියන්නේ උඩ ඉන්න දෙයියොද? රටම හිනස්සන විහිලු.

:       0       15

Kumar Friday, 21 June 2019 01:47 AM

රටේ ලොක්කෝ පොලිස් නිලධාරීන් පාවාදීලා තමන්ගේ විලි වසාගන්න හදනවා. මේ වැනි දේ සිදුවන්නෙ ලංකාවේ විතරක් වෙන්න ඇති. මෙම නිලධාරීන් නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් කලහැක්කේ ඕනෑකමින් තමන්ගේ කාර්යය පැහර හැරියොත් පමණි.

:       6       146

dayan Friday, 21 June 2019 10:06 AM

ජලය ගලන හැටි අධ්‍යනය කරලා කරන වැඩක් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site