IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි තරුණියක් පෙරේදා (29) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පදිංචි නීරීන් ෆ්ලොරීඩ් නැමති 26 හැවිරිදි අවිවාහක තරුණියක් බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත්වූ පවුල්වල සුභසාධන කටයුතු සිදුකරන, කොළඹ අගරදගුරු පදවිය මගින් පාලනය වන ‘සෙත් සරණ’ ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ප්‍රහාරයට ලක් වී මාස නවයකට පසු ඇය මෙසේ මියගොස් තිබේ.

ඇය කොටහේන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිට ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ දෑස්වලට ද දැඩි හානි සිදුව ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව පසුව උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත මාරු කර එවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් ඇත.

ඇගේ මරණයත් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් ඇති අතර කොච්චිකඬේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 55 ක් බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු කීවේය.

 

 



අදහස් (12)

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් තරුණියක් මියයයි

Raveendra Friday, 31 January 2020 01:24 PM

කාලකන්නි දේශපාලුවන් 225 ට සහ හිටපු කොඳුපණ නැති නිලධාරින්ගේ පව් ගිණුමට තව අහිංසක පුරවැසියකුගේ නැතිවුණු වටිනා ජීවිත කතාව එකතුවෙනු ඇත. අප රටේ මුල් පුරවැසියාට මෙම අදහස් පුද්ගලිකවම කියවීමට හැකි වේවා..!!! එලෙසම දියවන්නා අනාත මඩුවේ ඉන්න කාලකන්නි මී හරකුන් 225ටත් මෙම අදහස් පුද්ගලිකවම කියවීමට හැකිවේවා!!! ලංකා මාතාවට මෙවන් විපත්වලින් තොර යහපත් අනාගතයක් ලැබේවා.. !!!

:       52       2077

සත්‍යපාල Friday, 31 January 2020 04:40 PM

ජනතාවට හෙන ගැහුවත් දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ.

:       2       124

Nazar Friday, 31 January 2020 05:14 PM

ඉස්ලාමය සාමයේ ආගමයි. අපේ අරමුණ ලෝකයේ සාමය ඇතිකිරීමයි.

:       2609       2716

RaveendraSaturday, 01 February 2020 03:52 AM

සහතික ඇත්ත... නිවැරදි, පිරිසිදු ඉස්ලාම් ආගමේ ඇත්තේ එය බව කිවයුතුයි. අවාසනාවකට ලෝකය පුරා එය නිවැරදිව අදහන්නේද යන්න නම් අවංකව අපට ගැටලුවකි. එලෙසම සියලුම ආගම්වල මූලික අර්ථය සාමය බව නම් පැහැදිලියි. කෙසේවෙතත් ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.

:       170       166

ranaSaturday, 01 February 2020 04:58 AM

ඔබගේ අදහසට ගරු කරමි. නමුත් ලෝකයේ යුද ගිනි පවතින්නේ මුස්ලිම් ආගමික රටවල නේද? එසේනම් ඔබලාගේ දැක්මේ වරදක්ද?

:       10       71

AjanthaSaturday, 01 February 2020 05:05 AM

තවමත් මොලේ පෑදී නැති අය ගැන ඉතාමත් කණගාටුයි.

:       54       141

Jehaan Friday, 31 January 2020 08:40 PM

දේශපාලු අඹුදරුවන් යහතින් සැපෙන් ඉන්නවා නම් ඒ ඇති. රටේ අනෙකුත් පුරවැසියන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ. කොයි ආණ්ඩුව ආවත් ගෙදර උදවිය , හෙන්චය්යන් සහ වන්දි භට්ටයන්ගේ සුභ සාධනය පමණක් ඉහලින්ම සිදුවේ. මේ මියගියේ ආර්ථික ස්වාධිනතාවක් ඇති රටට බරක් නැති තරුණියෙකි. රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් යැපෙන දේශපාලු දුවෙක් නෙවෙයි. තරුණියගේ පවුලට අපේ බලවත් කණගාටුව !

:       0       21

විකුම් රංගන Friday, 31 January 2020 09:46 PM

මේ පාස්කු ප්‍රහාරයට හිටපු ආරක්ෂක ඇමති මෙන්ම හිටපු ජනාධිපති ඍජුවම වගකිව යුතුයි. ඇයි ඔහුට දඬුවම් ලබා නොදෙන්නේ?

:       0       0

kamal Friday, 31 January 2020 10:38 PM

මේ කුරිරු අපරාධයට ඉඩදුන් හිටපු ලොක්කන්ට ජාති ජාතිත් මේ පව ගෙවන්න සිදුවේවා...!!! 

:       0       21

චමිල Saturday, 01 February 2020 02:52 AM

කොළඹ ජාතික රෝහලේ තියාගත්තම ඔය මනුස්සයා අදටත් ජීවත් වෙනවා. රාගම ඉස්පිරිතාලයට ගෙනාපු හින්දා තමයි අහිංසක ජීවිතයක් නැතිවුනේ.. රාගම ඉස්පිරිතාලේ කාර්යමණ්ඩලය නම් රෝගීන් ගැන කිසිම තැකීමක් නැහැ වගේ..

:       3       86

kamal Saturday, 01 February 2020 08:49 AM

තමන්ගේ රාජකාරිය මගෑරලා පාස්කු ප්‍රහාර ඇතිවෙන්න ඉඩසැලසූ ලොකු පොඩි සියලු දෙනාටම ශාපවේවා...!!!

:       1       54

palitha Saturday, 01 February 2020 11:38 AM

තාම කිසිම ආණ්ඩුවකට බැරිඋනා මේක කරපු අය අල්ලලා දඬුවම් දෙන්න. ඔන්න ආණ්ඩු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site