
( දිල්රුක්ෂි ග්‍රේරු)
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා කීවේය.
73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා අද (04) මේ බව ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවත් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.