IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ )

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසයි.

කිසිම පුද්ගලයකුට හෝ පොලිසියේ විමර්ශනවලට බාධා කිරීමට ඉඩ නොතබන බවද හෙතෙම සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් 723 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇති බවත් මින් තුන්සිය එකොළොස් දෙනෙකු රඳවාගෙන දිගින් දිගටම විමර්ශන පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මින් සැකකරුවන් හතළිස් හය දෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍ර ගොනු කරනු ලැබ ඇති බව පැවසූ පොලිස්පතිවරයා පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු සියයක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයිද පැවසුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසේ උගතුන් හා බුද්ධිමතුන් රැසක් සිටින බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

සැකකරුවන් ළඟ තිබී විවිධ ලේඛන විශාල ප්‍රමාණයක් දැනට සොයා ගෙන ඇති බවත් ඔහුගේ එම සැකකරුවන්ට අදාළ දුරකථන අංක ලක්ෂයක් පමණ විමර්ශනයට ලක් කළ බවත් ඔහු පැවසුවේය .

සැකකරුවන්ට අයත් රුපියල් කෝටි තිස් හයකට වැඩි වටිනා මුදල් හා දේපළ රාජසන්තක කර ඇති බවත් තවත් රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් තහනමට ගෙන ඇති බවත් පොලිස්පතිවරයා කීවේය.

පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් කෙටි කාලයකදී සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පැවසීය.

එම සිදුවීමට පෙර සිදුවීම් කිහිපයක් සිදුවී ඇති බවත් බවත් ඒ අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

 



අදහස් (22)

‘‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සමාවක් නෑ‘‘

විපරමා Wednesday, 25 August 2021 09:02 PM

ඔය කතාව අපිට දැන් අහලම ඇති වෙලා?

:       0       46

Demuni Uduwara Wednesday, 25 August 2021 10:02 PM

කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට අනුව මුලින්ම කටයුතු කරන්න.

:       0       33

Sena Thursday, 26 August 2021 12:02 AM

ඒ ඉතින් සම්බන්ධ අයටනේ, මහ මොළ කාරයොන්ට කොහොමද.?

:       1       36

De Thursday, 26 August 2021 12:20 AM

කාගෙන්ද.? දෙවියන් වහන්සේගෙන් නේද සර්, අපි ඒක ද දන්නවා.

:       0       32

Perera Thursday, 26 August 2021 01:25 AM

ඒ ගමන් මෙයත් පටන් අරන් පරණ සිංදුව කියන්න.

:       0       30

සිරිබිරිස් Thursday, 26 August 2021 01:57 AM

ඔයාට , ඔය කතාව ලියල දුන්නේ අරය නේද . එයාගෙ ටෙලිෆිමිටර් එක ඉල්ල ගෙන ඇවිල්ල නේද ඔය කතාව කරේ ?

:       2       29

lakvidu Thursday, 26 August 2021 01:57 AM

අපි නොදන්නා චෙස්.

:       0       24

Sriland Thursday, 26 August 2021 02:02 AM

ඔබ තුමා ලඟදි විශ්‍රාම යනවද.? එහෙම සේයාවක් පේනවා.

:       0       27

bud Thursday, 26 August 2021 02:20 AM

ඇත්තටම පොලිස් පති කෙනෙක් ඉන්නවද? අනේ මන්ද මේ ප්‍රකාශය කරන්නමද කොහේ එලියට අවේ. ජනාධිපතිවරයායි අමාත්‍යවරයයි මේ වෙනකම් විකාර කියෙව්වේ.

:       1       32

C.K.Lankaputhra. Thursday, 26 August 2021 06:31 AM

අනේ නිකං ඉන්න සර් රට හිනස්සන් නැතුව. අපි නොදන්න මහ මොලකාරයා. පොඩි ලමයෙකුගෙන් ඇහුවත් එයා කියයි මහමොලකාරයා කව්ද කියල. ඔය මුට්ටියද මොකද්ද එක තියනකං ඔය නරිනාටක රඟ දක්වන්න පුලුවන්. බලමු, බලමු.

:       0       6

kamal Thursday, 26 August 2021 08:28 AM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සොයා ගැනීමට බැරි අයටත් සමාවක් නැහැ.

:       0       3

lakvidu Thursday, 26 August 2021 08:37 AM

මෙතුමා මේ සම්බන්ධ අය කියන්නේ ඒකෙන් මියගිය අය ගැන වෙන්න ඇති.

:       0       5

Rohana Thursday, 26 August 2021 09:27 AM

පොලිස්පතිතුමාට සන්නිවේදනය පිලිබඳ පුහුණුවක් නැති බව ,ප්‍රකාශ කරපු විදියෙන් පේනවා

:       0       4

BamunuarachchiFriday, 27 August 2021 07:46 AM

සන්නිවේදන පුහුනුව තිබෙන නිවෙදකයින්ට රටේ නීතිය හැසිරවීමේ පුහුනුවකුත් නැහැ නේද? පොලිස්පති තුමාගේ පුහුණුව වැඩක් නැහැ කියනදේ තෙරුනානම්.

:       0       0

Bamunuarachchi Thursday, 26 August 2021 10:07 AM

අර ලෙඩ ඇඳේ හිටපු කෙනා පුතාට කිව්වානම් පල්ලිවලට බෝම්බ ගහනවා කියලා අනිවාරයෙන් තමන් දන්නා කෙනෙකුට කියන්න ඇති කියා මට සිතෙනවා.

:       4       1

සිරි Thursday, 26 August 2021 10:42 AM

මෙයා කතා කරනවා දැක්කම හිතුනෙ අජිත් රෝහණ මහත්මයා කොයි තරම් දක්ෂ විදිහට රුපවාහිනී කැමරාව ඉදිරියේ අදහස් ඉදිරිපත් කරනවද කියල.

:       1       3

nalin Thursday, 26 August 2021 11:27 AM

දැනට අපිට අහන්න හම්බෙච්ච කාරනා ඔක්කොම එකට ගත්තම අපිට හිතාගන්න පුලුවන් මොකක්ද වෙන්න ඇත්තෙ කියල. අහිංසක ජීවිත ටිකක් පටු අවශ්‍යතාවයන්ට බිලිවෙච්ච එක තමයි උනේ ...

:       0       4

fairoos Thursday, 26 August 2021 12:35 PM

ලඟදි තව මොනවා හරි භාණ්ඩ වල මිල වැඩි වෙයි වගේ .එතකොට තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ

:       0       1

BamunuarachchiFriday, 27 August 2021 07:38 AM

අපේ බදු වලින් ඔහෙලා යැපෙන එක නැවත්තුවොත්, බඩු මිල අඩු කරන්න පුළුවන්

:       0       2

chandrasiri Thursday, 26 August 2021 01:20 PM

මෙයා හීනෙන් බය වෙලාද කොහෙද ,එක පාරටම ඇහැරිලා තියෙන්නේ

:       0       0

Nihal Thursday, 26 August 2021 01:32 PM

අදහස් වගේම කැමරාවක් ඉදිරියේ හැසිරීම හරිම දුර්වලයි. හැමදාම අපිට ඇහෙන කතාව මේ වතාවේ වත් කියන්න වෙනස් විදියක් හොයාගන්න තිබුණා. අපිට දැන් එකම කතාව අහලා ඇති වෙලා. ඔය නඩුව අහවර කරලා දාන්න අනේ.. දැන් ඇහෙද්දිත් අප්පිරියයි.

:       0       0

ලොවෙන් එකෙක් එක දෙයකට Friday, 27 August 2021 03:06 PM

කෙනෙක් නැති වෙලාවට එයා වෙනුවට කාර්යයක් ඉටුකරන විට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න සහ උපේක්ෂාවෙන් බැලිය යුතු නොවේද? විමර්ශනයට දක්ෂ නිලධාරීන් කරුණු සටහන් කරනවා සහ විද්‍යාත්මකව ප්‍රශ්න අහනවා විනා මහජනයාට විඳිය හැකි යමක් ගෙනඒම අනිවාර්යය නැහැ. ලොවෙන් එකෙක් එක දෙයකට සමත් කියනවා වගේ දක්ෂතා වෙනස්. එකිනෙකා ඊර්ෂ්‍යා කරවීම සහ අපහසුතාවයට ලක් කිරීම වෙනුවට මේ නිලධාරීන් සැවෝම කෝවිඩ් අර්බුදය තුළ කරන කැපවීමට ස්තුතිවන්ත වුණොත් එය අගනා දෙයක් නොවේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 519 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site