(තරිඳු ජයවර්ධන)
පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ ආරංචි මාර්ගවලින් පැවසේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පරීක්ෂණ සිදු කෙරෙන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් චෝදනාපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම කල් තැබූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විමර්ශන සිදු කර විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා ලිපියක් යොමු කර තිබූ අතර එහි නම තිබුණු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් චෝදනාපත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරීන් 8දෙනකුට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෑතකදී විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාට එරෙහිව ද විනය පියවර ගැනීම සුදුසු බවට මූලික විමර්ශනයෙන් පසු නිර්දේශ වී ඇතත් එය පොලිස් කොමිෂන් සභාවට ලැබෙන අවස්ථාව වන විට ඒ මහතා විශ්‍රාම ගොස් තිබිණි.
මෙම මූලික විමර්ශනය ආරම්භ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකට බවත්, මූලික විමර්ශන අවසන් වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත්, පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස්වීම් ලබා ඇති බවත් පොලිස් කොමිසම පවසයි.
මෙම මූලික විමර්ශනයේ ප්‍රතිඵල අනුව චෝදනා පත්‍ර නිකුත් කිරීමට පොලිස් කොමිසම තීන්දු කළහොත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනයට අගතියක් විය හැකි බැවින් චෝදනා පත්‍ර නිකුත් කිරීම ගැන තීන්දුව කල් තැබූ බව පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේනම් පංකාදුයි. නමුත් වගකීම් පැහැර හැරී දේශපාලකයන්ට, විශේෂයෙන්ම මෙවන් ප්‍රහාරයක් එල්ලවන බව දැන දැනම එදින දේවස්ථානයට නොගිය සහ පසුව ඒ ගැන මාධ්‍ය වලින් මහත් උජාරුවෙන් පැවසු දේශපාලකයට පරීක්ෂණයක් නැද්ද.. කොයි අතටත් තැලෙන රාජ්‍ය සේවකයා විතරද මේ ගැන වග කිවයුතු වන්නේ. වෙනත් දේවල් වලදී රාජ්‍ය සේවකයාටත් අණ දෙන්නේ මේ දේශපාලකයින් නොවේද. එසේ නම් මෙහි කිසිදු වගකීමක් ඔවුන් මත නොවැටෙන්නේ මන්දැයි නොතේරේ..
මිටි තැනින් වතුර බහින්න වගේ.
"යන්නෙ කොහෙද ? " "මල්ලෙ පොල්" කිව්වලු. රජයේ නිළධාරීන් පස්සේ පන්නනවා මිසක මේක කරපු අය සහ ඊට ඍජුවම සම්බන්ධ අන්තවාදීන් ගැන කතා නැත.