(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගෙන් ඉවත් කර වෙනත් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ කැඳවීමට නියම කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගෙන් අද (09) ඉල්ලා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණය අමතමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා එලෙස ඉල්ලා සිටියේය.
යුක්තිය සහ අධිකරණයේ ගරුත්වය ආරක්‍ෂා වන අන්දමට මෙම තීන්දුව ලබාදීම සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ ස්තූතිය කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයාට පුදකිරීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා මෙම නඩු කටයුත්ත කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගෙන් ඉවත් කර වෙනත් මහෙස්ත‍්‍රාත්වරයකු හමුවේ කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු නීතිපති දප්පුල ද ලිවේරා මැතිතුමන්ට මගේ ගෞරවනීය ආචාරය... ඔබතුමා පත්වූ දා සිටම පාට පක්ෂවලට යට නොවී යුක්තිය වෙනුවෙන්ම කරගෙන යන මෙහෙය මේ රටේ නීතිගරුක ජනතාවට මහත් අස්වැසිල්ලක්... ඇතැම් විනිසුරුවන් ගැන ඔබතුමන් හොඳින්ම දන්නා බවත් අපට පේනවා. යුක්තියට ජයවේවා...!!
පිළියන්දල පොලිසිය උසාවි නියෝග ක්‍රියාත්මක නොකරයි.. සොයන්න..
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන් අත්අඩංගුවට ගන්නට අවසර ඉල්ලා එවූ ලිපිය යට ගහගෙන සිටිය නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියා ගැන නීතිපතිතුමා සහ එම දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය ගැන දැනගැනීමට කැමැත්තෙමු...