( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් ගොනු කළ මෝසම් දෙක අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම මෝසම් අද (03) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
ජනාධිපති කොමිෂන් සභා පනත අනුව යම් කිසි කොමිසමක අවසන් වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීම විනා එහි සාක්කි හෝ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය ප්‍රතිපාදන නොපවතින බවට නීතිපතිවරයා කරුණු දැක්වීය.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන ජනාධිපති කොමිසමේ ඉදිරිපත් වන ඇතැම් සාක්කි ආරක්ෂක වශයෙන් වැදගත් කරුණු බැවින් ඒවා ඊට අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සදහාද වැදගත් වන හෙයින් අදාළ සාක්කි සටහන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම මෝසම් දෙක මගින් කළ ඉල්ලීම ලබා දීම ප්‍රතික්ෂේප කළේය.
මෙම මෝසම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ , මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරට සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉකුත් මාර්තු 17 වැනිදා 2167 /5 දරණ ගැසට් නිවේදනය මඟින් ජනාධිපති විමර්ශන කොමිසම පත් කළ බව එම මෝසම් වල සඳහන් කර තිබිණි.
එම ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මෑතකදී ඉදිරිපත් වූ සාක්කි තමන් එම පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් එරෙහිව යොදා ගැනීමට තරම් ප්‍රබල බවත් , එසේම සිය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එකළ පැවති රජයට එරෙහිව සාක්කි ඉදිරිපත්ව ඇති බවද එම මෝසම් මඟින් අදිකරණයට පෙන්වා දී තිබිණි.
එබැවින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයිද එම මෝසම් වලින් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය කවුරු වසන් කරන්න හැදුවත් අපි ජාත්‍යන්තර උසාවියට මේක ගෙනියනවා පාස්කු ප්‍රහාරයේ වසන් කළ මෛත්‍රිපාල සිරිසේන දන්නවා පාස්කු ප්‍රහාරයේ නිර්මාතෘවරයා කවුද කියලා... එදාට ඔය නීතිය අතට අරගෙන වැඩ කරන නායකයින්ගේ රෙදි ගැලවෙයි පාස්කු ප්‍රහාරයට විරුද්ධව අප සංවිධානය ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සූදානම් කර අවසන්...