(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ සුල මුල සොයා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (06) යෝජනා වී තිබේ.
එමෙන්ම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කළ ජනාධිපති කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (06) පස්වරුවේ පැවැත්විණි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නැවත වතාවක් සාකච්ජා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා දෙන ලෙසට ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට යන අත්සන් ලේඛනයට මේ වන විට අත්සන් අසු තුනක් පමණ ලැබී ඇතැයිද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අනාවරණය විය.
COMMENTS
පළමුව කල යුත්තේ ඔය කියන තේරීම්කාරක සභාවද මොකක්ද අටමගලේට ඉන්න සියල්ලෝටම ලක්ශයටත් අධික ඉන්ධන දීමනාවක් දෙන්න වාහන නැති අයට හැකි ඉක්මනින් හොදම වාහන ගෙන්නාගෙන දෙන්න මොකද හැම තැනම යන්න එන්න තියෙනවනේ මේ අයට. නිකම් අහිංසක මිනිසුන්ගේ බදු මුදල් තව සැරයක් නාස්ති කරන්න කරන මහා අපරාධ ...
මේ අපරාධය කලේ රාජපක්ෂලා දැනුවත්වයි ඒකනේ බැසිල් කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ
හිසරදයට කොට්ටා නිති මාරු කොට...... ලෙඩ සුවවෙයිද. ලෙඩා මළත් බඩ සුද්දයි කියන විට...
තේරීම් කාරක සභා මොකටද? රටේ පොලීසියක්, හමුදාවක්, අපරාධ විමර්ශන ඒකක තියෙනවා. ඒවාට හරියට තමන්ගෙ වැඩේ කරගන්න ඉඩදෙන්න.
තේරීම් කාරක සභාව ? ඔය කිසිම සභාවක් නැතිව පොදු ජනයාටනම් තේරෙනවා වරද කොතනද කියලා. තව තවත් මහජන මුදල් නාස්ති නොකර ත්‍රිවිධ හමුදාවට තව තවත් පෝෂ්‍ය දායි ආහාර ලබාදීලා 225 ම ගෙදර තිබ්බානම් ඔවුන් ත්‍රස්තවාදීන් කරමුලින්ම අල්ලා ගනීවි. මුළු රටේම සාමය තහවුරු කරාවි. දැන් අපිට පිහිටට ඉන්නේ කිරිගන්න පුළුවන් අය මිසක් මස් වලට පමණක් සුදුසු අය නොවේ.