(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුළු දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නෛතිමය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්... එමගින් මොවුන්ව දුර්වල කරන්න පුළුවන්... මොවුන් මේ තරම් වත්කම් පවත්වාගෙන යන්නේ අහිංසක ජීවිත කාවද හෝ බිලීගන්නයි..
ඔව්... ත්‍රස්තවාදීන්.. බෝම්බ පිපිරවීමට පෙර.. යම්කිසි කෙනෙකුට ඔවුන්ගේ වත්කම් පවරා තිබේ නම්... එවැනි පැවරීම් අවලංගු කර ඒ සියල්ලද රාජසන්තක කර... ඒ මුදල් සහ දේපලවලින්... මේ ත්‍රස්ත දිනය සිහිකිරීමක් වශයෙන් ""අලුත් පල්ලියක් නිමකර"" ක්‍රිස්තියානි භක්තිකයින් වෙත පැවරිය යුතුයි..
ඇලෝසියස්ගේ වත්කම් තහනම් කළා වගේ වෙන්න නං එපා.
එම වත්කම් වලින් අගතියට පත්වූ අයට වන්දි මුදල් ලබා දිය යුතුයි. කිසියම් පැවරීමක් කර ඇත්නම් ඒවා වලංගු භාවයෙන් තොර බව ප්‍රකාශ කළයුතුයි...
මරුණු ත්‍රස්තවාදීන් ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපල පවුලේ අයට පවරා ඇති බවයි කලින් වාර්තා වුනේ... එහෙම වුනොත් ඒවා පවරා ගන්න නීතිය අලුත් කරන්නත් වෙයි.
ඉස්සෙල්ල ඕක කරන්න.. කරලා ඉවරවෙලා ඔය ගැන කතාකරන්න. නැත්නම් ඔබතුමාට වෙන්නේ පච්ච සිරාට වුණු දේ.. නිතරම කියන්නේ බොරු කියලයි. මිනිස්සු කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඉඳීවි...
තහනම් කළාට පස්සේ කතා කළා නම් නේද හොඳ? එතකම් ඕවා ගැන විශ්වාසයක් නැහැ.
ඔය පරීක්ෂණ කරනවා කොමිසම් දානවා කියුවොත් වෙන දෙයක් නැහැ. මේ අයගේ දේපල රාජසන්තක කරන්න
වත්කම් තහනම් කිරීම විතරක් නෙවෙයි වත්කම් සැමරීම නතර කිරීමත් සුදුසුයි නේද පිටරට ඉන්න ශ්‍රී ලාංකික අපිට මේ සිද්ධිය කන වැටුන වෙලේ පටන් රෑට නින්ද ගියේවත් නැහැ. ගෙවල් වල ඔහේ මොනවා හරි හදා ගෙන කාලා ප්‍වෘත්ති බලමින් මහා දුකකින් ඉන්නේ. කිසිම කෙනෙකුගේ ගෙදර පාටියක් උත්සවයක් නැහැ. වෙනදා සිනාමුසුව රැකියාවට ගිය ලාංකිකයන්ගේ මුහුණේ හිනා පොදක් නැහැ. ඒකට ලංකාවේ රුපවාහිනී නාලිකා ළමා නැටුම් සංදර්ශන සහ නිලියන් ඡායාරුප රුප පෙන්නුම් කිරීම් වල. මම කියන්නේ නැහැ නැකතකට යොදා ගත්තු මගුලක් තව අවුරුදු පහකට කල් දමන්න කියලා. එත් අත්‍යාවශ්‍ය නොවන සැමරීම් සංදර්ශන මේ ශෝකජනක සහ විමසිලිමත් විය යුතු කාලයේ අවශ්‍යද. පිටරට ඉන්න අපිට දේශද්‍රෝහියෝ කියා බනින උදවිය පාඨක සභාවේ මම දැකලා තිබෙනවා. ඒ උදවියට වැඩිය අපි නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
ත්රස්තවාදී කටයුතු අතර මත්ද්‍රව්‍ය පරීක්ෂණ කටයුතු නතරවෙනවාද. පසුගිය දිනවල තොරතුරක් නැහැ. මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නියම කරන දඬුවම් පැනවීම කරන්නේ නැති නිසා මේ සමගම ඔවුන්ගේ දේපලද රාජසන්තක කරන්න
රජ සන්තක කරන්න තරම් දේපොලක් තියෙනවද?
මේගොල්ලෝ දැනට කිදෙනෙකුගේ දේපල තහනම් කලාද? බොරු කතා විතරයි.
අපේ ශ්‍රී ලංකාව තුළ නීතියට හසුවෙන හැම " ත්‍රස්තවාදියෙක්ම .. ඇමෙරිකාවට බාර දිය යුතුයි ...!!! ඇමෙරිකන් ජාතිකයෝ දන්නවා ත්‍රස්තවාදියෙක්ගෙන් මොනවද .. ඇසිය යුතු ප්‍රශ්න කියල .... සහ ඒවා කොහොමද අහන්නේ කියල .
රවී, ඇමෙරිකාවත් ත්‍රස්තවාදීන්ගෙන් බොහෝ බැට කෑ රටක්. මුලින්ම ඔවුන් තමයි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේ අනෙක් රටවල් යටත් කරගන්න.
තැනේ හැටියට ඇනේ ..!!!