(ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාරයේ කොච්චිකඩේ දේවස්ථානයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාට සහයදුන් සැකකරුවන් දෙදෙනකු මට්ටක්කුලියේ දී හා ගොතටුවේ දී අද (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිය සැකකරුවන්ගෙන් හා විමර්ශන වලදී හෙළි වු තොරතුරු මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ගොතටුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බකරුට සහය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලියේ සැකකරු කොච්චිකඬේ පල්ලියේ පුපුරවා ගත් බෝම්බකරුට සහය දක්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මොවුන් දෙදෙනා සිද්ධිය වු දින එම බෝම්බකරුවන් දෙදෙනාට බෝම්බ ප‍්‍රවාහනයට සහ බොම්බ රැගෙන ඒමට ඇතුලූ කටයුතු රැසකට සහය දක්වා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කීය.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේ දි දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි නොවු සැකකරුවන් රැසකගේ තොරතුරු හෙළි වී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියේ ඔවුන් ද අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බකරුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු දෙහිවලදී මීට දින කිහිපයකටය පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
629
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනක් අත්අඩංගුවට
Raveendra Thursday, 02 April 2020 12:28 PM
මෙම ව්ෂබිජ අපගේ මාතෘබුමියේ තවදුරටත් වර්ධනයවීමට ඉඩ තිබිය යුතු නැති බැවින් සියල්ල සපුරා පුළුස්ස දැමීම ඉතාමත් අත්‍ය අවශ්‍ය කරුණක් බව සදහන් කරන්නෙමු. එය අප අතපසු කිරීමෙන් පසුතැවිලි විය යුතු නැත.
Bamunuarachchi Friday, 03 April 2020 03:42 AM
අර ආණ්ඩුව තිබුනානම් මොවුන් ගැන සොයන්නේ නැත.
ass charya Friday, 03 April 2020 05:12 AM
මේවා කොරෝනා අතර තුර මාද්‍ය සංදර්ශනත් වෙන්න පුළුවන් මොකද සැක කාරයෝ උසාවියට ගේනවා පේන්නෙත් නැහැනේ. ඒකාලේ කිව්වේ මහා මොලකාරයෝ කියලා දේශපාලකයෝ කීප දෙනෙක් නේ.