IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති

(රංජන් කස්තුරි)

සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන නැවත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමේ තීරණයට විරෝධය දක්වමින් රටපුරා පශූ වෛද්‍ය නිලධාරීහු මේ මස 26 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සුදානම් වෙති.

මෙතෙක් කලක් සුනඛ ජලභීතිකා රෝග මර්දන වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පශූ වෛද්‍ය නිලධාරීන් සිදුකළ අතර ඔවුන්ගෙන් එම කටයුත්ත ඉවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමආරච්චි මහතා පැවැසීය.

ඉකුත් 2018 වසරේ සිට සුනඛ එන්නත් කටයුතු පශූ වෛද්‍යවරුන් මගින් සිදුකරන අතර එය ඉතා සාර්ථකව දිවයින පුරා සිදු කෙරෙන හෙයින් මෙවැනි තීන්දුවක් ගැනීම පදනම් විරහිත බවද ඔහු කීය.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ එම තීන්දුවට විරෝධය දැක්වීම සඳහා මේ මස 26 වැනිදින රටපුරා පශූ වෛද්‍යවරු එම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද වෛද්‍ය වික්‍රමආරච්චි මහතා පැවැසීය.

පශූ වෛද්‍යවරුන්ගේ ලෙඩ නිවාඩු ව්‍යාපාරය නිසා රටපුරා සතුන්ගේ එන්නත් කටයුතු සිදු කිරීම නතර වන අතර  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි සත්ව නිරෝධන කටයුතු නතර වන බවද ඔහු සඳහන් කළේය.

මීට අමතරව නගරවල මස්කඩ පරීක්ෂාව සත්ව උද්‍යාන රාජකාරී සහ වන ජීවී කටයුතු නතර වන බවද සභාපතිවරයා පැවැසීය.

 



අදහස් (5)

පශූ වෛද්‍ය නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙති

dias Wednesday, 20 February 2019 02:42 PM

බලාගෙන ගියාම මේ කට්ටිය රෝහල්වල වැඩ කරන නඩේට දෙවෙනි නැහැනේ...

:       68       72

විජිත් Wednesday, 20 February 2019 03:44 PM

සුනඛයින්ගේ සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කිරීමට පශුවෛද්‍යවරු නිසි පියවර නොගැනීම නිසා, තමන්ගේ ඥාති වර්ගයාගේ යහපත වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිතුමා පියවර ගැනීම වැරදිද...?

:       30       141

sudhari meegahawela - kandy Thursday, 21 February 2019 12:57 AM

නියමයි, විජිත්ගේ සතියේ කියමන.

:       0       27

BamunuarachchiThursday, 21 February 2019 01:45 AM

නැහැ විජිත රෝගය වැළඳුන වෙලාවේ හරියට බෙහෙත් නොකරපු නිසා වෙන්නැති මේ වෘතීය සමීති ක්‍රීයා මාර්ගය.

:       5       31

gamaya Thursday, 21 February 2019 03:15 AM

සුනකයන්ට, ජලභීතිකා ප්‍රතිකාර කිරීමට පෙර පශූ වෛද්‍යවරුන්ට ජලභීතිකා ප්‍රතිකාර කරනු !, අපිනම්ම් මෙවැනි දේ කරනවානම්, ඉහලින්ම අගයකරමි මොකද අපට ඇති වගකීම තවත් අඩුවන නිසා.

:       11       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site