කොරෝනා වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග නිවාරණ විද්‍යාතනය (අයිඩීඑච්) වෙත යොමු කර තිබේ. 

පසුගිය ජනවාරි 23 වැනි දින සෞඛ්‍ය අමාත්‍යවරියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබිණි.

අමාත්‍යවරියගේ කොරෝනා වයිරස තත්වය විනිශ්චය කිරිමෙන් පසුව, ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබිණි. පසුව අමාත්‍යවරිය අයිඩීඑච් රෝහල වෙත ගෙන එනු ලැබිණි.