(නිමල කොඩිතුවක්කු)
පවතින දේශපාලන ව්‍යාකූලත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් විසදා ගැනීමට කිසිදු පාර්ශවයක් උත්සාහ නොකරන බැවින් ස්වාධීන සහ මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යොමුවීම ඒ සදහා ඇති සුදුසුම ක‍්‍රියාමාර්ගය වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද(28) පැවැසීය.
දේශපාලන කණ්ඩායම් අතර පවතින බල ගැටුම නිසා රට තුළ තිබූ ආර්ථික, දේශපාලන අර්බුදය තව තවත් උග‍්‍ර වෙමින් පවතින බවත් පෙන්වාදුන් දිසානායක මහතා බල ගැටුම වෙනුවට මැදහත් බළවේගයක් මේ රටට අවශ්‍ය බවද සදහන් කළේය.
ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව කොළඹ මහවැලි කේන්දු‍්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේද කීවේය.
‘‘රට තුළ ඇතිවෙලා තියෙන මේ ව්‍යාකූල තත්වය ඇතිවුනේ ඔක්තෝම්බර් 26 නෙමෙයි. මේක දීර්ඝකාළීන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්. 1978 ජනසම්මතවාදී නොවන හා හදිසි නීති රෙගුලාසි යටතේ සම්මත කරගත් තනිපුද්ගලයෙකු විසින් සම්පාදනය කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රධාන වශයෙන්ම මේ ඇතිවෙලා තියෙන ව්‍යාකූල තත්වයට හේතුවී තිබෙනවා.
අනික් පැත්තෙන් 19 වන සංශෝධනය අපි සලකන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් එල්ල වුණු දැවැන්ත මරු පහරක් විදියටයි. මේක එක්තරා ආකාරයකට පාර්ලිමෙන්තු සම්ප‍්‍රදායට කරපු හානියක් කියලා අපි දකිනවා.
ජනතාවගේ පරමාධිපත්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස කියන දේ මේ බළපොරයට හසුවි සිටින සියලූ පාර්ශව නොසලකා හරින බව අපිට පෙනී යනවා.
මේ බල පොරයට හවුල් වී සිටින එක කණ්ඩායමක් අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටිනවා, තව කණ්ඩායමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා, තව කණ්ඩායමක් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන සිටිනවා. තවත් කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා.
මේ එක පාර්ශවයකවත් මේ අර්බුධය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් විසදා ගැනීමට මහන්සි වෙන බවක් අපිට පෙනි යන්නේ නැහැ. ඒ නිසාම රට තුළ තිබූ ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකූලතාවය තව තවත් උග‍්‍ර වෙමින් තිබෙනවා. රටේ ජනයා පවතින දේශපාලන, ආර්ථික ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කිරිමකින් පසුවනවා.
ස්වාධීන සහ මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස බරපතල ලෙස තහවුරු වෙයි කියන විහ්වාසයක් නැහැ. එම නිසා අපිට දිගු කාළීන විසදුම් අවශ්‍යයි.
දිගුකාලින විසදුම් යටතේ මේ රටේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදිව සහ නිදහස මත පදනම්ව අති දැවැන්ත සංශෝධනයකට ලක් විය යුතුයි. යම්කිසි කණ්්ඩායමක මැදිහත්විමකින් තොරව මේ රටේ පොදු ජනයා විවිධ ආකාරයෙන් මැදිහත්වි සම්පාදනය කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවසථාවක් අපි නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම මැතිවරණ ක‍්‍රමයේත් සංශෝධන සිදුවිය යුතුයි යැයිද’’ ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
මහ මැතිවරණයකට යාමට පෙර බහුතරයක් ඇති ආණ්ඩුවක් පත් කල යුතුය .
ලේක්චර් මහත්තයෝ, කවදත් කඩේ ගියේ මහින්දට වග අපි දන්නවා. පාර්ලිමේන්තුවට තව වසර දෙකකට කිට්ටු කාලයක් තියෙනවා. ජනාධිපති ඡන්දයට නම් තව වසරයි තියෙන්නේ...
මහා මැතිවරණයකට යාමෙන් සිද්දවෙන්නේ ඉදිරියට එන ජනාධිපතිවරුත් මේ විදිහට පිස්සු කෙලින්න දෙන වැරදි පුර්වාදර්ශයක් වීමයි.. සියල්ලටම ඉහළින් රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
අපිට කථිකාචාර්ය පට්ටම් නැත ඒත් මේ පුංචි මොලයට තේරෙන විදිහට මහජන ඡන්දයකට යායුතුය. මෙවැනි අර්බුධ කාරීවෙලාවක තම අදහස කැමැත්ත ප්‍රකාශ කිරීමට හැම පුරවැසියාම බලාගෙන සිටී ඒ නිසා ඔවුන්ට අවස්තාවක් දිය යුතුය. නියම ප්‍රජාතන්ත්‍රවාදය එයයි.
78 ව්‍යවස්ථාවේ නෙවෙයි වැරැද්ද්? රට කරන්න උසස් තනතුරු වලට නූගත් පිස්සෝ ඒම..
අවුරුද් පතා ඡන්දේ තියන්න ඕනේ නැද්ද? පාර්ලිමේන්තුව පත්කළේ අවුරුදු 5කට. ලෙක්කාගේ තීරණවලට මොනවා කරන්නද? ජනාධිපතිවරණයක් තියන්නකෝ..
මහ මැතිවරණයක් වගේම ජනාධිපතිවරණයකුත් එකම දවසේ පැවැත්විය යුතුයි.
මෙතුමාගෙන් මන් අහන්න කැමති ... මහා මැතිවරණයෙන් එජාපෙ පැරදිලා ජනාධිපතිවරණය දින්නොත් අයෙත් රට අස්ථාවර වෙන්නේ නැද්ද?
මහ මැතිවරණයට ගිහින් , ආයිත් එජාප එක බලයට ආවත්, මේ ජනාධිපතිට ආපහු වර්තමාන ලෙඩ හැදිනවා. ඒ නිසා එක්කෝ ජනාධිපතිවරණයට හෝ නැත්නං ජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම එකට පවත්වලා ස්ථාවර ආණ්ඩුවක් පත් කරන්න ජනතාවට අවකාශ ලබා දියයුතුයි.
මේ මනූස්සයටත් බාගෙට දෙගූණෙ හැදිලා වගෙයි මට නම් පෙනෙන්නේ... මහ මැතිවරණයකින් ආයෙමත් සභාග ආණ්ඩුවක් හැදූණොත් රට වල පල්ලටම යනවා. දැන් කරන්න තියෙන්නේ ඔරලෝසුව ඔක්තෝබර් 25 ට කරකවන එක විතරමයි. ඊට පස්සෙ ව්‍යවස්ථාව අනුව වැඩ කළොත් රට ස්ථාවර වෙයි. එහෙම නොකළොත් අපේ රට ලෝකයෙන්ම කොන්වෙයි.
එහෙම තමන්ට බහුතරය නැහැ කියලා මැතිවරණ තියන්න ගියොත් මේ රටේ මැතිවරණ කීයක් තියන්නද? ඔයාලා කියන්නේ මහින්දට බහුතරය ලැබෙනකන් මැතිවරණ තියමු කියලද? හරියට මේක නිකන් අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට අපිට පාඩු වෙනකොට අලුතෙන් පටන් ගමු කියනවා වගේ වැඩක්නේ...
මැතිවරණ වලට යාමට පෙර සිදුවී ඇති සියලු නීති කඩවීම් නිවැරදි කල යුතුය. එසේ නොවුනහොත් ඉදිරියේදී බරපතල ප්‍රශ්න ඇතිවිය හැක. එමනිසා කිසිසේත්ම මැතිවරණ වලට දැන් නොයායුතුය. රටේ ප්‍රශ්නවලට නීති කඩකරන ලද පුද්ගලයන් වග කිව යුතුය. මෙයාගෙන් දේශපාලනය හදාරන පුත්ගලයන්ට දෙවියන්ගේ පිහිටයි.
කතා කරන්නේ ධම්මද? නැත්නම් සල්ලිද? අපි 2004 උ/පෙළ කරනකොට ධම්ම ජවිපයට කතා කළා. 2005 කොළඹ යනකොට සයන්ස් ෆැකල්ටි හරහා ධම්ම ගියේ පයින්. 2008 වෙනකොට ධම්ම ගියේ සුදු ප්‍රාඩෝ එකෙන්. යුනි ලෙක් පඩිය ඒ දිනවල Rs 58,000. අපි නොදන්නා ධම්ම!
ලොකු උන්නැහේ තමුන් ගුරුවරයෙක්ද? රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකලේ කවුද කියලා නුඹට නොතේරුණාට මොන්ටිසෝරි දරුවො පවා දන්නවා. නුඹලා වැන්නවුන්ගෙන් උගත් අය නිසා තමයි මේ රට මෙතරම් පිරිහෙන්නේ...
ආචාර්ය, මහාචාර්ය බමුණන් රටේ දේවල් දන්නේ නෑ. පොත විතරයි දන්නේ. මැතිවරණයකට කොටි හාර පන්සීයක් යනවා. දැන් ඉන්න අය පත් කලේ අවුරුදු පහකට. නිතර නිතර එක එක්කෙනාට ඕනේ විදියට ඡන්ද තියන්න ගියොත් දුප්පත් මිනිහටම කෙලවෙන්නේ බදුගණන් වැඩි වෙච්චාම. කාට හරි ඡන්දෙ ඕනෑනම් ආණ්ඩුවට වියදම ගෙවල ඡන්ද කරපල්ලා...