(නිමල කොඩිතුවක්කු)
පවතින දේශපාලන ව්‍යාකූලත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් විසදා ගැනීමට කිසිදු පාර්ශවයක් උත්සාහ නොකරන බැවින් ස්වාධීන සහ මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යොමුවීම ඒ සදහා ඇති සුදුසුම ක‍්‍රියාමාර්ගය වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද(28) පැවැසීය.
දේශපාලන කණ්ඩායම් අතර පවතින බල ගැටුම නිසා රට තුළ තිබූ ආර්ථික, දේශපාලන අර්බුදය තව තවත් උග‍්‍ර වෙමින් පවතින බවත් පෙන්වාදුන් දිසානායක මහතා බල ගැටුම වෙනුවට මැදහත් බළවේගයක් මේ රටට අවශ්‍ය බවද සදහන් කළේය.
ප‍්‍රජාතාන්ත‍්‍රික එකමුතුව කොළඹ මහවැලි කේන්දු‍්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්ම දිසානායක මහතා මෙසේද කීවේය.
‘‘රට තුළ ඇතිවෙලා තියෙන මේ ව්‍යාකූල තත්වය ඇතිවුනේ ඔක්තෝම්බර් 26 නෙමෙයි. මේක දීර්ඝකාළීන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්. 1978 ජනසම්මතවාදී නොවන හා හදිසි නීති රෙගුලාසි යටතේ සම්මත කරගත් තනිපුද්ගලයෙකු විසින් සම්පාදනය කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රධාන වශයෙන්ම මේ ඇතිවෙලා තියෙන ව්‍යාකූල තත්වයට හේතුවී තිබෙනවා.
අනික් පැත්තෙන් 19 වන සංශෝධනය අපි සලකන්නේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් එල්ල වුණු දැවැන්ත මරු පහරක් විදියටයි. මේක එක්තරා ආකාරයකට පාර්ලිමෙන්තු සම්ප‍්‍රදායට කරපු හානියක් කියලා අපි දකිනවා.
ජනතාවගේ පරමාධිපත්‍යය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස කියන දේ මේ බළපොරයට හසුවි සිටින සියලූ පාර්ශව නොසලකා හරින බව අපිට පෙනී යනවා.
මේ බල පොරයට හවුල් වී සිටින එක කණ්ඩායමක් අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටිනවා, තව කණ්ඩායමක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා, තව කණ්ඩායමක් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන සිටිනවා. තවත් කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටිනවා.
මේ එක පාර්ශවයකවත් මේ අර්බුධය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයෙන් විසදා ගැනීමට මහන්සි වෙන බවක් අපිට පෙනි යන්නේ නැහැ. ඒ නිසාම රට තුළ තිබූ ආර්ථික අර්බුදය, දේශපාලන ව්‍යාකූලතාවය තව තවත් උග‍්‍ර වෙමින් තිබෙනවා. රටේ ජනයා පවතින දේශපාලන, ආර්ථික ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කිරිමකින් පසුවනවා.
ස්වාධීන සහ මධ්‍යස්ථ මැතිවරණ ක‍්‍රියාවලියක් තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යා යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස බරපතල ලෙස තහවුරු වෙයි කියන විහ්වාසයක් නැහැ. එම නිසා අපිට දිගු කාළීන විසදුම් අවශ්‍යයි.
දිගුකාලින විසදුම් යටතේ මේ රටේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්තාව ප‍්‍රජාතන්ත‍්‍රවාදිව සහ නිදහස මත පදනම්ව අති දැවැන්ත සංශෝධනයකට ලක් විය යුතුයි. යම්කිසි කණ්්ඩායමක මැදිහත්විමකින් තොරව මේ රටේ පොදු ජනයා විවිධ ආකාරයෙන් මැදිහත්වි සම්පාදනය කරගත් ආන්ඩුක‍්‍රම ව්‍යවසථාවක් අපි නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම මැතිවරණ ක‍්‍රමයේත් සංශෝධන සිදුවිය යුතුයි යැයිද’’ ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විස
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේ
පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘පවතින දේශපාලන ව්‍යාකූලත්වය මගහැරවීමට මහ මැතිවරණයකට යා යුතුයි‘
Daham Wednesday, 28 November 2018 07:25 AM
මහ මැතිවරණයකට යාමට පෙර බහුතරයක් ඇති ආණ්ඩුවක් පත් කල යුතුය .
somapala Wednesday, 28 November 2018 07:28 AM
ලේක්චර් මහත්තයෝ, කවදත් කඩේ ගියේ මහින්දට වග අපි දන්නවා. පාර්ලිමේන්තුවට තව වසර දෙකකට කිට්ටු කාලයක් තියෙනවා. ජනාධිපති ඡන්දයට නම් තව වසරයි තියෙන්නේ...
BamunuarachchiWednesday, 28 November 2018 09:57 AM
ඒක අපි දන්නවා, ඔබට තිබෙන ප්‍රශ්නය මොකක්ද.? රටට ආදරේ ඇති මිනිස්සු මහින්දට කඩේ යනවා ආදරේ නැති අය රනිල්ට කඩේ යනවා. වෙනස ඕකයි.
සේනක Wednesday, 28 November 2018 11:21 AM
එතකොට ඔබතුමා කඩේ යන්නේ කාටද? අනුන්ට ඇඟිල්ලක් දික්කරන කොට තමන්ටත් ඒ වගේම ඇඟිලි හතරක් දික්වෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි මහත්තයෝ... තමුන්නාන්සේලා වගේ මිනිස්සු ඉන්නකම් රනිල්ට පැවැත්මක් තියෙනවා කියලා අපි දන්නවා.
sena Wednesday, 28 November 2018 07:31 AM
මහා මැතිවරණයකට යාමෙන් සිද්දවෙන්නේ ඉදිරියට එන ජනාධිපතිවරුත් මේ විදිහට පිස්සු කෙලින්න දෙන වැරදි පුර්වාදර්ශයක් වීමයි.. සියල්ලටම ඉහළින් රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වියයුතුයි.
Bamunuarachchi Wednesday, 28 November 2018 07:47 AM
අපිට කථිකාචාර්ය පට්ටම් නැත ඒත් මේ පුංචි මොලයට තේරෙන විදිහට මහජන ඡන්දයකට යායුතුය. මෙවැනි අර්බුධ කාරීවෙලාවක තම අදහස කැමැත්ත ප්‍රකාශ කිරීමට හැම පුරවැසියාම බලාගෙන සිටී ඒ නිසා ඔවුන්ට අවස්තාවක් දිය යුතුය. නියම ප්‍රජාතන්ත්‍රවාදය එයයි.
channa Wednesday, 28 November 2018 08:03 AM
78 ව්‍යවස්ථාවේ නෙවෙයි වැරැද්ද්? රට කරන්න උසස් තනතුරු වලට නූගත් පිස්සෝ ඒම..
channa Wednesday, 28 November 2018 08:08 AM
අවුරුද් පතා ඡන්දේ තියන්න ඕනේ නැද්ද? පාර්ලිමේන්තුව පත්කළේ අවුරුදු 5කට. ලෙක්කාගේ තීරණවලට මොනවා කරන්නද? ජනාධිපතිවරණයක් තියන්නකෝ..
සරත් Wednesday, 28 November 2018 08:15 AM
මහ මැතිවරණයක් වගේම ජනාධිපතිවරණයකුත් එකම දවසේ පැවැත්විය යුතුයි.
tarzan Wednesday, 28 November 2018 08:19 AM
මෙතුමාගෙන් මන් අහන්න කැමති ... මහා මැතිවරණයෙන් එජාපෙ පැරදිලා ජනාධිපතිවරණය දින්නොත් අයෙත් රට අස්ථාවර වෙන්නේ නැද්ද?
Hafeel Wednesday, 28 November 2018 08:39 AM
මහ මැතිවරණයට ගිහින් , ආයිත් එජාප එක බලයට ආවත්, මේ ජනාධිපතිට ආපහු වර්තමාන ලෙඩ හැදිනවා. ඒ නිසා එක්කෝ ජනාධිපතිවරණයට හෝ නැත්නං ජනාධිපතිවරණය සහ මහමැතිවරණය දෙකම එකට පවත්වලා ස්ථාවර ආණ්ඩුවක් පත් කරන්න ජනතාවට අවකාශ ලබා දියයුතුයි.
BamunuarachchiWednesday, 28 November 2018 10:03 AM
ඉතින් ජනාධිපති වරණයත් එහෙමනේ. ජනතාව ඝෝඨභය මහතා පත් උනොත් ඒත් ඔයටිකම තමයි. තර්කානුකුලව හිතන්න පුරුදු වෙන්න.
Thangalle sobitha himiWednesday, 28 November 2018 11:35 AM
ගෝඨාභයට ජනාධිපති වෙන්න බැහැ බමුණෝ... 19 ව්‍යවස්ථාවේ හැටියට ඇමෙරිකාවේ පුරවැසියෙකුට ඉල්ලන්න බැහැ වගේම පුරවැසිකම තියෙන තදියමට කිව්ව ගමන් අයින් කරගන්නත් බැහැ. මහින්දට හැමෝම ගරු කරනවා. යුද්ධය වෙලාවේ දේශපාලන නායකත්වයක් දීම ගැන... නමුත් යුද්ධය දිනුවේ සාමාන්‍ය සෙබලාගේ පටන් හැමෝගේම සාමූහිකත්වයෙන්... ඒ වගේම යුද්ධය දිනුවා කියා මහින්දට ඔහුගේ පවුලේ අයට මේ රටේ පොදුදේපල සූරා කන්න ඉඩදෙන්න පුළුවන්ද? කෙසේවුවත් දැන් රටේ තියෙන ප්‍රශ්නයට පළමුව ජනපතිවරණයක් පැවැත්විය යුතුමයි. නොඑසේ නම් නැවත වරක් ජනාධිපති අකමැති කෙනෙකු බහුතරය ගත්තොත් මෙම දෙයම වෙනවාමයි..
Hafeel Wednesday, 28 November 2018 11:45 AM
ඔයාට තියන ලෙඩට අවශ්‍ය ප්‍රතිකාර ගන්න. පවතින ව්‍යවස්ථාව අනුව ඝෝඨාභයට තරඟ කරන්න බැහැ. හිතේ තියන වෛරයට අදහස් පලකරන්නේ නැතුව.. සමබරව බුද්ධිමත්ව බලන්න.
චමින්දWednesday, 28 November 2018 12:05 PM
නමේ හැටියටම තියෙන්නෙත් බමුණු අදහස්මයි.
Hafeel Wednesday, 28 November 2018 01:30 PM
මට තේරෙනවා ඔයාට තියන ලෙඩත්, රටේ පවතින ලෙඩත් එක හා සමාන බව. තර්කානුකූලව කතාකරනවනම්, පවතින ව්‍යවස්ථාවේ හැටියට ඝෝඨාභයට තරඟ කරන්න පුලුවන්ද? ඒ නිසා වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන්නේ නැතුව... කළු කණ්ණාඩිය ගලවලා, සමබරව, බුද්ධිමත්ව බලන්න දැනගන්න...
BamunuarachchiWednesday, 28 November 2018 02:29 PM
වෙලාව ආවාම ඕවා ලස්සනට කැරකේවි. මහින්ද බලයට ආවාම ඕවා වෙනස් කරන එකත් වැඩක්ද? ඝෝඨාභය ජනාධිපති වෙනවාට අකමැති සුලුජාතින් පමණයි. රටට ආදරය කරන සිංහලයින් කව්රුත් කැමතියි. 2005 දීත් රනිල් බලයට ආවානම් අපි අද රටින් 2/5 අහිමි වෙච්ච සිංහලයෝ. මෙතන ලියන සිංහලයෝ කියාවි අපිට නායකතුමා 3/5 ඉතිරිකර දුන්නානේ කියලා. මුරලිදරන් කීවා වගේ මේක සිංහලයින්ගේ රට. රටේ ජනාධිපති විය යුත්තේ කොඳු නාරටියක් තිබෙන සිංහලයෙක්...
සනත් Wednesday, 28 November 2018 09:40 AM
මේ මනූස්සයටත් බාගෙට දෙගූණෙ හැදිලා වගෙයි මට නම් පෙනෙන්නේ... මහ මැතිවරණයකින් ආයෙමත් සභාග ආණ්ඩුවක් හැදූණොත් රට වල පල්ලටම යනවා. දැන් කරන්න තියෙන්නේ ඔරලෝසුව ඔක්තෝබර් 25 ට කරකවන එක විතරමයි. ඊට පස්සෙ ව්‍යවස්ථාව අනුව වැඩ කළොත් රට ස්ථාවර වෙයි. එහෙම නොකළොත් අපේ රට ලෝකයෙන්ම කොන්වෙයි.
BamunuarachchiThursday, 29 November 2018 03:31 AM
මහත්මයෝ අපි කතා කරන්නේ හේතු සහ දත්තයන් ඇතුවයි. 2018 පෙබරවාරි ඡන්දෙන් මහින්ද පෙරමුණට 5006837 ලැබුනා. ශ්‍රී ලනකා නිදහස් පක්ෂයට 1497234 ලැබුනා. මෙසරේ දෙකම එකතු වුනාම 6504071යි ටී/එන්.ඒ. ජේවීපී සහ රනිල් පෙරමුණ එකතු උනාම 4689429. ඉතින් කොහෙද සභාග රජයවල් රනිල්ට? මොකද මහින්ද පෙරමුණ දාලා යන්න රනිල් රටට සේවයක් කලාද? බදු ගැසුවා හැරෙන්නට. පළමුව රට ගැන හිතන්න.
Chandana - Australia Wednesday, 28 November 2018 09:40 AM
එහෙම තමන්ට බහුතරය නැහැ කියලා මැතිවරණ තියන්න ගියොත් මේ රටේ මැතිවරණ කීයක් තියන්නද? ඔයාලා කියන්නේ මහින්දට බහුතරය ලැබෙනකන් මැතිවරණ තියමු කියලද? හරියට මේක නිකන් අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට අපිට පාඩු වෙනකොට අලුතෙන් පටන් ගමු කියනවා වගේ වැඩක්නේ...
piyawardana Wednesday, 28 November 2018 10:22 AM
මැතිවරණ වලට යාමට පෙර සිදුවී ඇති සියලු නීති කඩවීම් නිවැරදි කල යුතුය. එසේ නොවුනහොත් ඉදිරියේදී බරපතල ප්‍රශ්න ඇතිවිය හැක. එමනිසා කිසිසේත්ම මැතිවරණ වලට දැන් නොයායුතුය. රටේ ප්‍රශ්නවලට නීති කඩකරන ලද පුද්ගලයන් වග කිව යුතුය. මෙයාගෙන් දේශපාලනය හදාරන පුත්ගලයන්ට දෙවියන්ගේ පිහිටයි.
Pavani Wednesday, 28 November 2018 11:32 AM
කතා කරන්නේ ධම්මද? නැත්නම් සල්ලිද? අපි 2004 උ/පෙළ කරනකොට ධම්ම ජවිපයට කතා කළා. 2005 කොළඹ යනකොට සයන්ස් ෆැකල්ටි හරහා ධම්ම ගියේ පයින්. 2008 වෙනකොට ධම්ම ගියේ සුදු ප්‍රාඩෝ එකෙන්. යුනි ලෙක් පඩිය ඒ දිනවල Rs 58,000. අපි නොදන්නා ධම්ම!
කලපනා Wednesday, 28 November 2018 12:12 PM
ලොකු උන්නැහේ තමුන් ගුරුවරයෙක්ද? රටේ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇතිකලේ කවුද කියලා නුඹට නොතේරුණාට මොන්ටිසෝරි දරුවො පවා දන්නවා. නුඹලා වැන්නවුන්ගෙන් උගත් අය නිසා තමයි මේ රට මෙතරම් පිරිහෙන්නේ...
DAYAN Wednesday, 28 November 2018 12:36 PM
ආචාර්ය, මහාචාර්ය බමුණන් රටේ දේවල් දන්නේ නෑ. පොත විතරයි දන්නේ. මැතිවරණයකට කොටි හාර පන්සීයක් යනවා. දැන් ඉන්න අය පත් කලේ අවුරුදු පහකට. නිතර නිතර එක එක්කෙනාට ඕනේ විදියට ඡන්ද තියන්න ගියොත් දුප්පත් මිනිහටම කෙලවෙන්නේ බදුගණන් වැඩි වෙච්චාම. කාට හරි ඡන්දෙ ඕනෑනම් ආණ්ඩුවට වියදම ගෙවල ඡන්ද කරපල්ලා...