
(*** නාලක සංජීව දහනායක)
වෙළෙඳපොළේ පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වලට බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරති. අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇත. ආනයනික බදු ඉහළ දැමීම සහ පසුගිය කාලයේ බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මෙන්ම ලොකු ලූනු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යෑම හේතුවෙන් වගාවන් විනාශවීයාම නිසා ලොකු ලූනු මිල ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.
කහ ග්‍රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ පෙන්වා දෙති. පුවක් ගෙඩියක් රුපියල් 16ත් - 20ත් අතර මිලකට අලෙවි වන අතර බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී ඇත. මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද?
ළඟදී අල එහෙම කෑවද? දැන් ලූනු කීයද? දැන් සැපද?
ලෝකෙ වැඩියෙන්ම වසවිස ගහන්නෙ අලවලට. ලූණු පොළොවේ තියෙන ආසනික්, ඊයම්, කැඩ්මියම් උරාගෙන ඇතුළෙ තැන්පත් කරගන්නවා. ලෙඩ එන්නෙ තැපෑලෙන්. මං හිතන්නේ ලෝකෙ අපි වගේ පොල් කන රටක් තව නැතුව ඇති. පොල් නැතුව කන්න ක්‍රම ඕනතරම් තියෙනවා. බලන්න කැඳ ටිකක් රසට හදාගත්තම ඒක කොච්චර ගුණද කියලා. එළවලු මස් මාලුම කන්න ඕනෑ කියලා කොහේවත් කියලා නෑ. බඩු මිල වැඩිකිරීම ආණ්ඩු පෙරලන්න කරන මාෆියා කල්ලිවල වැඩ කියලා හැමෝම මතක තියාගෙන සිහියෙන් වැඩ කරන්න...
කොහොමටත් අල, ලූණු, ඔක්සිජන් ඇඟට අහිතකරයි. ඒ නිසා මිල වැඩිකළ යුතුයි.
පුන්නක්කුත් ඇතුළුව, බඩු මිල තව වැඩි කරන්න. බඩු වල මිල ඕනෑවට වඩා අඩු වුණාම වැඩිපුර කාලා තෙල දාලා දඟලනවා.
සියලු දේ මිල ඉහළ දමා පුන්නක්කු පමණක් මිල අඩු කරන්න.
රජය, ඡන්දෙ පහුවෙනකම් අත්‍යාවශ්‍ය බඩුමිල කොහොම හරි පාලනය කරගෙන හිටියා. තව වසර 5ක් යනකම් බඩුමිල ඉහළ ගියාට රජයට තිබෙන රුදාව මොකක්ද? තොල වෙළෙන්දන්ගේ මඩිය තරකරගන්නත්, බදු මගින් භාණ්ඩාගාරය තරහ කරගෙන, මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය ඉහළ නංවා ගැනීමටත් මේ වසර කිහිපය හොඳටම ප්‍රමාණවත් වේවි. දැක්කද වැඩ? දැන් ඔහෙලට සතුටුද?