(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදා හරින ලෙස ඉල්ලා වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාට රුපියල් 25.000ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු අද (25) වැලිකඩ පොලිසිය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොට්ඨාසය කියයි.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හරින ලෙස ඉල්ලා මෙම පුද්ගලයා වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ගොස් ඒ වෙනුවෙන් ඔහුට රුපියල් විසි පන්දහසක මුදලක් ලබා දීමට කැමැත්ත පල කර ඇතැයි පොලිස් අධිකාරීවරයා කීය.
වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා එම මුදල වැඩ බලන ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අවංක පොලිස් නිලධාරියෙක්. අල්ලස් දීම හා ගැනීම යන දෙකම බරපතල වරදවල්. මේ අයුරින් සියලුම නිලධාරීන් කටයුතු කරනවා නම් අල්ලස් උවදුර මර්ධනය කිරීමට පුළුවන්. මේ වැනි නිලධාරීන්ට උසස්වීම් හා ත්‍යාග පිරිනැමිය යුතුයි.
ඉඩෝරයට පොද වැස්සක්.... ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවක්.
ලක්ෂයක් 2ක් විතර දුන්නා නම් බලන්න තිබ්බ අවංක කම...