(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට ජාවත්ත සලුසල ඉදිරිපිට ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් පොලිස් වෙඩිතැබීමක් සමඟ අතුරුදන් වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.
ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග එම ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනවලදී ඩ්‍රෝන කැමරාව දැක ඇතැයි පොලිසිය කියයි.
ස්ථානාධිපතිවරයා ලබාදුන් නියෝගය මත පොලිස් නිලධාරියෙකු ඩ්‍රෝන කැමරාවට වෙඩි තබා ඇති බවද, වෙඩි පහර නිසි ඉලක්කයට යොමු නොවීම හේතුවෙන් ඊට අලාභ හානි සිදු නොවූ බවද පොලිසිය කියයි.
බොරැල්ල බෞද්ධාලෝක මාවත දෙසට ඩ්‍රෝන කැමරාව ගමන් කිරීමත් සමග පොලිස් නිලධාරීන් එම ගමන්මග අනුගමනය කරමින් හඹා ගියද බම්බලපිටිය මුහුදු සීමාව දක්වා කැමරාව ගුවනේ සැරිසැරූ බව පොලිසිය පවසයි.

COMMENTS
ආරක්ෂක සේවාවල දුර්වලතාවයන් පෙන්නුම් කරන මෙවැනි සිද්ධීන්ට ප්‍රචාරයක් දියයුතු නොවේ.
පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි පොලිසිය, ආරක්ෂක අංශ හැර අන් සියලුදෙනාම ඩ්‍රෝන කැමරා ගුවන් ගතකිරීම නැවත දැනුම් දෙනතුරු තහනමට ලක්කල යුතුය.
දකුනු ආසියාවේ ඩ්‍රෝන ගුවන්ගත කිරීමට අවසර අැති එකම රට කුමක්ද?
නොතේරෙන බොහෝදේවල් වෙමින් ඇති බව දැනෙනවා. ඉලක්කයට වෙඩිල්ලක් තියන්න බැරි සමාන්‍ය පුරවැසියෙක් වුණා නම් කමක් නැහැ. පොලිස් නිලධාරියෙකුට එය කළ නොහැකිවීම කණගාටුයි වගේම මෙය අල්ලාගත නොහැකි වීම ගැන පොලීසිය ලැජ්ජාවට පත්විය යුතුයි.
පුහුණු කිරීමේ තිබෙන දුර්වලතා නිසා ලංකාවේ පොලිසියේ ඉන්න 90% විතර බිම තිබෙන ඉල්ලකයකටවත් හරියට වෙඩිල්ලක් තියාගන්න බැහැ ඉතින් කොහොමද අහසේ චලනය වන ඉල්ලකයට වෙඩි තියන්නේ ?
ඉහළින් ගමන් කරන ඩ්‍රෝන කැමරාවකට තනි උණ්ඩයකින් වෙඩි තැබීම ඉතා අසීරු කරුණක්. මෙවැනි දේ සඳහා කුරුල්ලන්ට වෙඩි තැබීම සඳහා යොදා ගන්නා කුඩා ඊයම් බෝල රාශියක් ඇති පතරොම් භාවිතා කළ යුතුයි.
මේ මෙහෙයුම පොලිස් නිලධාරීන් හරහා ගුවන් හමුදාවට බාර දෙන්න. අපේ ආරක්ෂක හමුදා හෝ නීතිගරුක පොලීසියට නිගරු නොකරමු.
අහසේ පාවෙන දෙයකට වෙඩි තැබුවිට එම උණ්ඩය ඉලුක්කය කරා නොගියොත් එය පොළොවට පතිතවෙනවා. එම උණ්ඩය වැදීමෙන් කෙනෙකු ජිවිතක්ෂයට පත්විය හැක. එසේ නැතිනම් බරපතල ලෙස තුවාලවිය හැක. ජනගහනය වැඩි ප්‍රදේශවල අහසට වෙඩි තැබීමෙන් වැලකීම යෝග්‍යයි. අවුරුදු ගණනකට වතාවක් ඉලක්කයට වෙඩි තබන එක අසීරු කරුණක්. ඇමෙරිකාවේ සති කිහිපයකට වරක් පුහුණුවන පොලිස් නිලධාරිටත් ඉලක්කයට වෙඩි තැබිමට නොහැක. පුහුණු බිමේ ඉලක්කය පිටුපස ඇති විදුලි කණු වලටනම් වෙඩි වැදිලා තිබෙනවා. ඒ කෙසේවෙතත් අහස වෙඩි තැබීම තහනම්.
ඇත්තටම මේවගේ දුර්වලකම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ... මෙමගින් ජනතාව තුළ නැවතත් බියක් සැකයක් ඇති වෙනවා නේද?
කෙහෙල් මල් වෙඩිල්ල වැදුනේ කොහෙවත් යන එකකටනේ..
ඔන්න ඕකයි තත්වේ හ්ම්...
කොහොමත් පොලිස් නිලධාරින්ට ඉලක්කෙට වෙඩි තියන්න බැ. හමුදාවේ කොල්ලෙක්ට දුන්නනම් හරි
අහසට වෙඩි තැබුවොත් ඒ උණ්ඩය ඉලක්කයට වැදුනේ නැතිම්නම් පොළොවට පතිත වෙනවා. එම උණ්ඩයේ වේගය පිටවෙන වේගයට වඩා අඩුවෙන්නෙ සුලුවශයෙනුයි. අවාසනාවන්තයෙක් එතන සිටියොත් එක්කෝ මරණයට පත් වෙනවා එසේ නැතිනම් බරපතල ලෙස තුවාල වෙනවා. එම උණ්ඩය ඉලක්කයට වැදී එම දෙය වැටෙන තැන කෙනෙක් සිටියානම් එකෙනටත් පරලොව යන්නවෙනවා. අහස දෙසට වෙඩි තියන එක අනුවන ක්‍රියාවක්. මම ඉන්න ඇමෙරිකාවේ අහසට වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම තහනම්. මිනිස් ජීවිතය ඔය ඩ්‍රෝනයකට වඩා වටිනවා නේද.?
ඩ්‍රෝන කැමරා වලට වෙඩි තියන්නේ නැහැ. ඒවා පසු පස හබා ගොස් ඒවා විනාශ කල හැකි ඩ්‍රෝන කැමරා ආරක්ෂක අංශ සතුවිය යුතුයි . මෙපමණ කල් සංචාරකයින් සහ දේශීය පුද්ගලයන් කොපමණ මේවා පාවිච්චි කරන්න ඇද්ද ? ලෝකයේ නවමු නිෂ්පාදන ගැන දැනුමක් නැති අපේ රටවල් පවු නේ .....
ඇමරිකාවේත් පොලිස් නිලධාරීන් ළඟ පිස්තෝලයට අමතරව වහනය තුළ රිපිටර් හෝ ෂොට් ගන් තිබෙනවා. මෙවැනි අවස්ථාවල පාවිච්චි කරන්න මිලිමීටර් 12 හෝ 16 ෂොට් ගන් එකකට ඊයම්බෝල රාශියක් තිබෙන පතරොමක් දමලා වෙඩි තිබ්බා නම් අනිවාර්යයෙන් ඕක බිම දමන්න පුළුවන්කම තිබුණා.
හමුදාවේ වුණත්, පොලීසියේ වුණත් මේ වගේ චංචල ඉලක්කයකට නිසියාකාර අනවරත පුහුණුවකින් තොරව එක පාරට වෙඩි තියන්න බැහැ. විශේෂම දේ තමයි මෙතැනදී ඉලක්කය තමන්ගේ ඇසට ඉහළින් පැවතීම සහ චලනය වීමයි.
ඒකනේ... අපේ සිරිසේන මහත්තයා දුරදිග කල්පනා කරලා ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් ලේකම් කෙනෙක් පත්කළේ..