IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොලිස් ලොක්කන් 9 දෙනකු ගැන සොයන්න සී.අයි.ඩීයට නියෝග

(ඉන්දිකා රාමනායක)

 ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් නවදෙනකුට අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට නීතීපතිවරයා යොමු කළ දැනුම් දීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පති  අද  (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම නිලධාරීන්ට  එරෙහිව  අපරාධ චෝදනා  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, විනය කි‍්‍රයා සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකටත්  මෙලෙස  දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
මෙලෙස අපරාධ හා විනය කි‍්‍රයා  ගැනීමට  නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, විශේෂ ආරක්‍ෂක දිසාව බාර නියොජ්‍ය පොලිස්පතිවරයාට ,මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 3 සහ 4 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.



අදහස් (4)

පොලිස් ලොක්කන් 9 දෙනකු ගැන සොයන්න සී.අයි.ඩීයට නියෝග

iruru Friday, 21 June 2019 04:21 PM

මොන පිස්සුවක්ද මේ නටන්නේ? රටම දන්නවා වැරදිකරු කවුද කියා...

:       0       37

kamil Friday, 21 June 2019 04:23 PM

මහ එකාව සී.අයි.ඩී යට ගන්නේ නැත්තේ ඇයි?

:       0       52

siri Friday, 21 June 2019 08:52 PM

"අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම"

:       0       0

de silva Sunday, 23 June 2019 02:49 PM

රටක මූලික වශයෙන් සිවිල් ආරක්ෂාව ගැන වගකියන්නේ ආරක්ෂක ඇමති, ඊට පස්සේ ආරක්ෂක ලේකම්, පොලිස්පති, ඊට පස්සේ තමයි මේ කියන පොලිස් ලොක්කෝ ඉන්නේ... ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්... ඔවුන් යම්කිසි දෙයක් දැනගෙන ඉහළට දැනුම් දුන්නේ නැත්නම් හෝ ඉහළින් දීපු අණක් පිළිපැද්දේ නැත්නම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 254 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site