(තරිඳු ජයවර්ධන සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (18) උසස්වීම් නියෝග නිකුත් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයක් අනුව මෙම නිලධාරීන්ට උසස්වීම් ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
තමන්ට උසස්වීම් අහිමි කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණු අතර එහිදී වූ එකඟතාවය අනුව පෙත්සම්කරුවන් නොවන අයද ඇතුළත් වන පරිදි 26 දෙනකුට උසස්වීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මෙම පිරිසට අදාළ උසස්වීම් නියෝග නිකුත් කළ බව පොලිසිය පවසයි.
තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12 දෙනකු පොරොත්තු ලේඛන ගත කර ඇති අතර ඔවුන් වෙනුවෙන් පුරප්පාඩු 12ක් වෙන් කර තබන බවත්, එම නිලධාරීන්ට එරෙහිව දැනට ඇති නඩු කටයුතු හෝ විනය ක්‍රියාමාර්ග අවසන්වූ පසු උසස්වීම් ලබාදීම ගැන සලකා බලන බවත් පොලිසිය කියයි.
COMMENTS
උෟරන් පඳුරු අස්සේ පැටව් ගහනවා වගේ පොලිස් කෙරුමෝ හෝ ගාලා.. මොවුන්ගෙන් මොනවද වෙන සේවය? මේ අය තරුපටි ගහගෙන කරන්නේ දේශපාලකයින්ට කඩේ යන එක විතරමයි.. අපි දුටුවනේ මේ අය තාජුදීන්ගේ මිනී මරුවන්ගේ අණට කීකරු වී කර තිබෙන අලුකුත්තේරු වැඩ ටික ..
පොලිසිය වනාහි යුක්තිය ඉටුකිරිම පිණිස තිබෙන ආයතනයකි. එහෙත් පොලිසියේ අභ්‍යන්තරයේ රජවනුයේ අයුක්තිය හා අසාධාරණයයි. මහ එවුන් කලට වේලාවට උසස් විම් හා නියමිත වරප්‍රසාද ලබා ගනියි. පහත් නිලධාරීන්ට උසස් විම් ලබා දිමේදී උපාධි සුදුසුකම් අපේක්ෂා කරයි. දේශපාලකයින්ට ආවඩාපුවන් පිනට ගොඩ යති. එය සුදුසුකමකි. පොලිසියේ පහත් නිලධාරීන්ගේ උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදය මුලාවකි. පොඩිළමයින්ට අඬනා විට සීනි බෝල දෙනවා වාගේය. ඒ ඉස්සරය... දැන් පොඩි අයට ඒවා අහන්නේ නැත. සත්‍ය වශයෙන්ම අවශ්‍යය.. දක්ෂයෝ සදා එකතැනය. පොලිසිය ජීවිතයට ගොඩයාමක් නැත. සැමදා පිරිහේ. දක්ෂයාට මැට්ටන් සමග වැඩ කිරිමේදී දක්ෂයින්ට පිඩා විදිමට සිදුවේ.