(තරිදු ජයවර්ධන)
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වාහන දෙකක් සහ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් වාහන අතර ඩිෆෙන්ඩරයක් ද වේ. පොලිස් ස්ථානාධිපතිගේ යතුරු පැදියේ ගැටී ඇත්තේ එය බවත්, අනිත් වාහනය ඩිෆෙන්ඩරය සමඟ පිටුපසින් ආ වාහනය බවත් පොලිසිය සඳහන් කරයි.
අපරික්ෂාරී ලෙස රිය ධාවනය,අනතුරක් සිදු වූ බව නොදැන්වීම , අනතුර වළක්වා නොගැනීම අැතුළු චෝදනා කිහිපයක් යටතේ ඩිෆෙන්ඩරයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාව ද ගොනු කරනු ඇති බවත් පොලිස් ආරංචි සඳහන් කරයි.
සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර දැනුම් නොදීම සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුර සිදුකර පලා යන විලාසය අපි රූපවාහිනී නාළිකාවල දුටුවා.. ඩිෆේන්ඩර් රථ හිතාමතාම යතුරු පැදියේ හප්පලා පලා යනවා වගෙයි අපිට නම් දැනුණේ… මොකක් වුණත් සිද්ධියෙන් පස්සේ පලායාම නම් සමාව දිය හැකි වරදක් නොවෙයි... මත්ද්‍රව්‍ය හා සම්බන්ධකමක් තිබුණා නම් කුජීතයි...
පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක් ප්‍රධාන සැකකරු... කොහොමත් තාත්තත් විනයක් නැති පට්ට හොරෙක්...
මිරර් එකේ සැකකරුවන්ගේ නම් සඳහන් වුණා. මහින්දානන්දගේ පුතයි, නගර සභිකයෙකුයි වශයෙන්. මොකද බය වුනේ? මහින්දට බයයි නේද?
හැමෝටම ආදර්ශයක් වෙන්න හැකි උපරිම දඬුවම් ලබාදී උපරිම වන්දි මුදල්ද අයකර ගන්න. මේ අකාරයේ රජයේ දේපල අවභාවිතා කරන්න තම නැහැදිච්ච (මිනිස් ජීවිතයක් මඟ දමා පැන යාම) දරුවාට ඉඩ දුන් පියාව අත් අඩංගුවට ගන්නේ නැද්ද? එයාව පොලිසියට අමතක වෙලාද?