(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බවට චෝදනා ලබා සිටි හිමිනම අද (25) උදෑසන නීතීඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට බාර වූ බව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ සම්බන්ධව අදාල ප්‍රකාශයන් සටහන් කර ගැනීමෙන් අනතුරුව හිමිනම අද (25) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් පරීක්ෂකවරවරයාට පහර දීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් සොයමින් සිටින බවද ස්ථානාධිපතිවරයා පැවසීය .
පසුගිය දින කීපය තුළ මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් ඒ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.
පසුගිය 19 වැනිදා නිතී විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු වැටලීමට ගිය අවස්ථාවේදී එම ක්‍රියාව නොකරන ලෙස දුරකතන ඔස්සේ මෙම හිමි නම සහ මත්පැන් ජාවාරම්කරුවන් පොලිස් පරීක්ෂකවරයාට තර්ජනය කර තිබිණි.
අනතුරුව පසුදින එනම් ඉකුත් 20 වැනිදා හිමි නම ඇතුළු මත්පැන් ජාවාරම්කරුවන් වාරියපොල පොලසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයාට බැන තර්ජනය කර පහර දී තිබිණි.
සිද්ධිය සම්බන්ධව දින කිහිපයකට පෙර පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. හිමි නම අතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා දින 6 ක් තිස්සේ පරීක්ෂණ පැවැත්විණි.
පොලිස් පරීක්ෂකවරයා අද (25) ප්‍රතිකාර ලබා නිකවැරටිය රෝහලෙන් පිටව ගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වාරියපොල පොලීසිය සඳහන් කළේය.
COMMENTS
අපිත් බෞද්ධයෝ වුණාට, බුදුන් අදහන්නේ ගෙදර... දානෙ දෙන්නේ යාචකයින්ට.... අපිට ඔය කහකඩයින්ගේ වැඩක් නැහැ.... !!!
චන්දයට කලින් දවසේ අරක්කු පොවන්න කීව කෙනාද මෙ?
හිමිනමක් මේවගේ දුෂණයකට සම්බන්ද නැහැයි කිව්ව නම් තමයි පුදුමේ.
දැන් ඉතින් පොලිසියේ ලොක්කත් මාර බයේ ඇති අනේ ඔය සක්කිලි සිව්රු කාරයා ඉක්මණින් පොලිසියෙන් එළියට අරන් යන්න. යන්න පොලිසියට ඇවිත් ඔය තරම් දගලන් නැනේ...
හොර ගණයාට අවුරුදු 10ක සිරදඩුවම් දෙන්න ඔනේ...
ඔය පූස්දන්ඩට නමක් නැද්ද ?...
හිමිනම ඇත්තටම වැරදි නම් දඩුවම් කළයුතුයි. එතකොට අනිත් අයත් හැදේවි. මේ හිමිනම කියනවා මෙතන පගාව සම්බන්ධ සිද්ධියකුත් ඇති බව. වින්දිතයෙක් ටිකක් ශබ්දව කතා කළත් පොලිස් රාජකාරියට බාධා කළා කියලා නඩු දමන බව සමහර තැන්වලදී පෙනෙනවා. ඒ නිසා පොලිස් නිලදාරීන් වැරදි කළොත් එයාලටත් ක්ෂණික දඩුවම් ක්‍රමයක් සකස් කළ යුතුයි. පොලිසියයි, ජනතාවයි දෙගොල්ලොම නිතිය එක ලෙස පිළිපැදිය යුතුයි.
සියලුම නිකායන්වල නායක ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි.අප බෞද්ධයෝ වන්නෙමු. චිවරය කෙරෙහි අප හදතුල ඇත්තේ ඉමහත්වූ භක්තියකි. ගෞරවයකි. අප අන්‍ය ආගම්වලට කිසිවිට පරිබව නොකරන්නෝය. එලෙසම අපගේ ආගමටද කිසිවෙකු පරිබව කරනවාටද කිසිදු කැමැත්තක් නොමැත.මෙහි සදහා කරුණු කාරනා එලෙසින් සත්‍යම නම් අපට මෙම ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති වන්නේ ඉතාමත්ම පිළිකුලකී.. බුද්ධ පුත්‍රයෙක් මෙසේ හැසිරෙන්නේ නම් එය නිවැරදිද , වැරදිද සොයා බලනවට වඩා එමගින් බෞද්ධ සමාජයට ඇතිවෙන හානිය සුළුපටු නොවන බව නොරහසකි.මෙම චීවරදාරියා කර ඇත්තේ මහත්වූ පාපයකි.අප කිසිවෙකුට 100% නිවැරදිව සිටිය නොහැකි බව ස්ථිර වුවත් පුජ්‍ය පක්ෂයකින් මෙවන් සිදුවීම් කිසිවිට සිදුවිය නොහැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු. එබැවින් ඔබවහන්සේලාගේ කාරුණික අවධානය අපගේ මෙන අදහස් දෙස යොමුවී විනය කටයුතු පිළිබදව ඔබවහන්සේලා දැඩි තීරණ ගනු ඇතැයි ගිහියන් වන අප තරයේ විස්වාස කරන්නෙමු. පුජ්‍ය පක්ෂයකින් අප වඩාත් බලාපොරොත්තු වන්නේ ගිහි සමාජයේ යහපත මිස අන් කිසිවක් නොවන බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.
අපේ රට පාලනය කරන උදවිය .. මේ චීවරදාරීන්ව කරේතියාගෙන, ඉස්සරහින් තියාගෙන , අපේහාමුදුරුවනේ .. අපේහාමුදුරුවනේ .. කියමින් ජනතාවට පච කෙලිනකොට මේ වගේ දේවල් සිද්ධ වෙනවා.
බුද්ධ පුත්‍රයන්ට අත නොතබනු!! මේ අපේ දේශයයි .. මේ අපේ ජාතියයි (ඇත්තටම)!! මේ අපේ ආගමයි .!! මේ අපේ සිංහල අපගේ රටයි !! මෙවැනි පින්වත්, ගුණවත්, සැදැහැවත්, නැණවත්, මහා කරුනාසම්පන්න අය දැන් ඇතිනේ...
පහුගිය දවස්වල තවත් ස්වාමින්වහන්සේනමක් කියලා තිබුනා නේද "මහා නායක හිමිවරුන්ට දොස්?" මෙවැනි චීවරධාරියෝ සිටින්නේ කොයි තැනද? ලංකාව පුරා විසිරි සිටින මෙවන්නන්ගේ ක්‍රියා කලාපයන් ගැන රාජ්‍ය නිලධාරින්ට හෝ පෘතග්ජනයා හට මහානායක හිමිවරුන්ට හෝ භික්ෂු විනය කඩ කිරීම් ගැන පැමිණිලි කල හැකි ක්‍රමවේදයක් ඇතිද? එසේ නොමැතිනම් එවන් ක්‍රමවේදයක් සැකසීම කාලය ඇවිදින් නොවේද?
බුදු දහම ජීවනෝපාය කරගත් හොර චීවරධරින්ගෙන් පන්සල් බොහොමයක් පිරිලා තියෙන්නේ. අර පන්සලට වඩා අපේ එක ලොකු වෙන්න ඕනේ කියන ආත්මාර්ථකාමී හැගීමෙන්. වැලේ වැල් නැතිව ඉඳල පන්සලකට ආපුවහම හත් මුතු පරම්පරාවම පන්සලෙන් ගොඩ දමා ගන්න හදන චීවරධාරීන් හින්ද නියම ගරු කටයුතු ස්වාමින්වහන්සේලට තිබෙන ගරුසරුවත් නැතිවෙලා. ගම වල බොහෝ දෙනෙක් පන්සල් වැලි ඉවත් වෙලා. එකම පිළියම මේ වගේ දුර්ජනයින් අහු වුන වහාම සිවුරු ගලවා පන්නල දමන එක. ගිහියන් විදියට දඬුවම් දීම...
කසිප්පු බොන කෙනෙක්ද දන්නෙත්නැහැ...
සිව්රක් දාගත්තට කිසිම සිල්වත්කමක් නැති දූෂිත දේසපාලුවන්ට කඩේ යන චීවරදාරියෝ අපේ රටේ ඉන්නෙ... තවත් කවර කතාද?
ගරු අධිකරණයේ තීන්දුව ලැබුණාට පසුව අදහස් පළකිරීම වඩා බුද්ධි ගෝචර වනු ඇත.
ඒවා වැඩක් නැහැ... ආපහු පන්සලට ආවොත්... සිවුර ගලවලා... ගමෙන් පන්නනවා.. පොහොට්ටුවෝ එක්කම ඉන්නවෙයි.