IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පොලිස් පොඩ්ඩන් 2891 දෙනකුට උසස්වීම්

තරිඳු ජයවර්ධන
 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පරිදි උප පොලිස් පරීක්ෂකගෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන් 2891 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පතිවරයා අද නිකුත් කළේය.
 
මෙම උසස්වීම් 2018 මැයි 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පෙරදාතම කර තිබේ.
 
උසස්වීම් ලැබූවන් අතර පොලිස් කොස්තාපල් රියදුරන්, පොලිස් කොස්තාපල්වරුන්, කාත්තා පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් සැරයන්වරුන්, කාන්තා පොලිස් සැරයන්වරුන් සහ පොලිස් සැරයන් රියදුරන් සිටින බව පොලිස් මූලස්ථානය කියයි.
 
උසස්වීම් ලැබූවන්ගෙන් 60කට ආසන්න පිරිසකට එරෙහිව පවතින විනය පරීක්ෂණ හෝ නඩු කටයුතු නිසා ඔවුන්ගේ නම් පොරොත්තු ලේඛන ගත කර ඇතැයි ද පොලිසිය පවසයි.
 
පොලිසියේ පහළ නිලධාරීන්ට උසස්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් ‘පොලිසියේ අවනඩුව මැයෙන්‘ ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ද හළිදරව්වක් කර තිබිණි.
 
මෙලෙස උසස්වීම් ලබා දුන්නත නියමත සේවා කාලය සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරුන්ට අදාල උසස්වීම් නියෝග මේ වන තෙක් නිකුත් කර නැත. එමෙන්ම උසස්වීම් ලබා දීමේදී අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරීන්ද සිටින බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

පොලිස් පොඩ්ඩන් 2891 දෙනකුට උසස්වීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site