(චන්ද්‍රසේන ගමගේ)
හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථය හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී අද (14) උදෑසන පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
අනතුර සිදු කරන ලද ටිපර් රථයේ රියදුරා ද කට්ටකඩුව ප්‍රදේශයේ දී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ටිපර් රථයට යට වීමෙන් වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු මියගොස් සිටින අතර තවත් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.
COMMENTS
ඔවුන් සෑම විටම තම වාහන සඳහා අවසර දී ඇති වේග සීමාවන් ඉක්මවා ධාවනය කරයි (උපරිම සීමාව 32 KMPH වේ) නමුත් කිසිවෙකු විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී. අහිංසක මිනිසුන් පාරවල් වලදී මරා දමනු ලැබේ. මෙය මොන රටක්ද? උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන බලපත්‍ර අවලංගු නොකර නිදා සිටින්නේ ඇයි?
එහෙනම් පොලිස්පතිතුමා මේ අහිංසක රියදුරුටත් අර කුසල් මෙන්ඩිස්ට වගේ අධිකරණයට ඉදිරිපත් කරන පළමු දිනයේම ඇප දෙනව නේද?
මියගිය නිලධාරියා ගැන කණගාටුයි.. අනිත් දෙදෙනා දැඩිසත්කාර ඒකකයේ... රියදුරාට මොන වගේ දඬුවමක් ලැබෙයිද දන්නෙ නෑ.. කෙසේ වෙතත්, ඔහුට වැඩේ ලේසි වෙන එකක් නම් නැහැ . මොකද යට කරලා තියෙන්නේ පොලිස් නිලධාරීන්. මෙවැනි දඩබ්බර රියදුරන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබිය යුතුයි. වැලි ලොරි රියදුරන් කළ ප්‍රථම අනතුර මෙය නොවේ. මහා මාර්ගයේදී කිසිදු මාර්ග නීතියක් පිළිනොපදින මොවුන් අධික වේගයෙන් වාහන ධාවනය කරනු පෙනේ .....