(දයාරත්න ඇඹෝගම)

නොච්චියාගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අයිස්  මත්කුඩු මිලිග්‍රැම් දෙසීයක් සමග දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි  පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා නොච්චියාගම පොලිසියට අනුයක්තව සේවය කර ඇති අතර පසුගියදා ඔහු විශේෂ රාජකාරි සදහා ඔයාමඩුව පොලිසියට මුදාහැර ඇත.

මත්කුඩු, ගංජා පානය සදහා ඇබ්බැහිවි සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා දුණුදඹුවැව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කාරයෙකු සමග සිටි අවස්ථාවේදි නොච්චියාගම පොලිසියේ නිලධාරින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබු මෙම අයිස්  මත්කුඩු සොයා ගෙන තිබේ.