IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස් කොමිසමේ ලේකම් අගෝස්තු 2 දා තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක මහතා අගෝස්තු 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කළේය.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ගොස් පොලිසිය බාරයේ එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කිරිමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරුගේ රෝගී තතත්වය සළකා බැලීමෙන් පසු ලබන 2 වැනිදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියම කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

 



අදහස් (2)

පොලිස් කොමිසමේ ලේකම් අගෝස්තු 2 දා තෙක් රිමාන්ඩ්

රවින් Friday, 19 July 2019 11:45 AM

හොඳ පාඩම් // හොඳ පාඩම් / / සියලු රාජ්‍ය සේවකයින්ට මේවා හොඳ පාඩම්.

:       0       21

Raveendra Friday, 19 July 2019 02:32 PM

අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. මින් ඉදිරියට රජයේ ඉහළ තනතුරු සඳහා අයදුම්පත් කැඳවන විට තනතුරු සඳහා එකම එක තනතුරක් වශයෙන් "උරගයන් " සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ ලෙස ගැසට් කරන මෙන්... මක්නිසාදයත් "අර පති මේ පති......අර ලේකම් මේ ලේකම්" ලෙස පත්වූ වැඩිම පිරිසක් කශේරුකාව නැති" දිය ගැරඬින් දිය හබරලයන් " බැවින් ඍජුවම එවන් තනතුරු සඳහා උරගයින්ගෙන් අයැදුම්පත් කැඳවීම වඩාත් උචිත වන්නේය. තවද එමගින් කොඳුපන තිබෙන කශේරුකා ශක්තිමත් නිලධාරීන් වෙන්වෙන්ව හඳුනා ගත හැකි බැවිනි. මෙය මුල් පුරවැසියාට කෙසේ හෝ කියවීමට හැකිවේවා... උරගයින්ට ජයවේවා!!! අහෝ අපගේ මව්බිම...

:       0       113

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site