( දිල්රුක්ෂි ග්‍රේරු )
කුරුණෑගල දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ස්ථානමාරුවී අවලංගු කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
මෙම ස්ථාන මාරුවීම් වලින් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති වේ යැයි මෙම තීරණය ගෙන තිබේ.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.
මෙම නිලධාරීන් කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා සම්බන්ධ විමර්ශනයට බාධා ඇති වේ යැයි පවසමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය 27 වැනිදා කළ ඉල්ලීමක් අනුව මෙම ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.