(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 06 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට අද (23) නියෝගයක් නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළ පස්වැනි සැකකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැමිණීල්ල විසින් නම් කරනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙහි සැකකරුවන් සිව් දෙනා සිද්ධියට අදාළව අනවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවට අනාවරණය වන බවට පැමිණීල්ල ඉදිරිපත් කළ කරුණු අනුව සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔවුන් ලබන 06 වැනිදා තෙක් වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියම කළේය.
ඒ අනුව මෙලෙස වැඩිදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ පොලීසිය යන අයවලුන්ය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධයෙන් බදියුදීන් අධිකරණය හමුවට
fairoos Monday, 23 August 2021 05:43 PM
ඔව් ඒක හොඳයි... එතකොට ඒකටත් දඬුවම් දෙන්න පුළුවන්.
කිරි පුතා Monday, 23 August 2021 06:18 PM
මේ මනුස්සයා වැරදි කාරයෙක් නෙවෙයි වැරදි නැවක්. ප්‍රශ්නය කියන්නෙ ඒ හාදයා තාම මාධ්‍යවලට මහත්මයෙක්. තාම කිසිම වරදකට හරි දඬුවමක් ලැබී නෑ. ලැබෙයි කියලා හිතන්නත් බෑ.