(ප‍්‍රදීප් කුමාර)
යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි.
ඊයේ (20) රාත්‍රියේදී ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කීපයකට ආවා කල්ලියේ සාමාජිකයින් ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණෙන බවට වූ තොරතුරක් මත පොලීසිය එම ප‍්‍රදේශයේ වාහන හා පුද්ගලයින් සොදිසි කිරීම් කටයුතුවල නිරත වී තිබේ.
එම අවස්ථාවේදී තියුණු ආයුධවලින් සන්නද්ධ පුද්ගලයින් හයදෙනකු යතුරුපැදි තුනකින් පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ට පහරදීම හේතුවෙන් වෙඩි තබා ඇත.
එක් සැකකරුවකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී එම පුද්ගලයින් සතුව තිබු යතුරු පැදියක් හා කඩු තුනක් පොලිසිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරු පැදිවලින් පලා ගොස් තිබේ.
මනිප්පායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - එෆ් අස්ලම්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවාට ගියාට වාගේනේ පොලිසිය වැඩ කරලා තියෙන්නේ ......................
ඇයි එකෙකුට විතරක් වෙඩි තිබ්බේ තාම හදිසි නීතිය පවතිනවා ආරක්ෂක අංශ වලට ප්‍රහාර එල්ල කරන ඕනෙම කෙනෙකුට වෙඩි තැබීමට බලය ඇතියි මට හිතෙනවා මේ ගොල්ල එක්ක සෙල්ලම් කරලා මේ ප්‍රස්නේ කෙලවර කරන්න බැහැ මේ අය සදහා ඉහල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා මොවුන් විනාස කිරීමෙන් මිස සාකච්ඡා තුලින් මේ කණඩායම නැති කරන්න බැහැ මෙය එල් ටී ටී ඊ සංවිධානය හා සමානව ගොඩ නැගීම එම දේශපලකයන්ගේ උවමනාවයි
මේ මෝඩ අන්වාදී මැරකම් ඔතැනම නතර නොකළ හොත් එය වර්ධනය වේවි. ප්‍රශ්නයකට තියෙන්නෙ පවතින නිවට දේශපාලන අධිකාරිය. ඔවුන්ට ඡන්දෙ ගන්න පුලුවන් නම් ඕන මී හරකෙකුට ඕන විදිහට නටන්න පුලුවන් . රටට හෙන ගැහුවත් කමක් නෑ.
ආවා ආවා නම් යැවුවා යැවුවා කරන්න වැඩේ ඉවරයිනේ
අංකුර දැන්ම විනාස කරන්න. නැතිනම් ලොකු රුක්ෂයක් වුනාම විනාස කරන්න අමාරු වෙනවා.
අනේ පව්නේ ...උතුරේ අහිංසක දරුවන්ට ඇයි මෙහෙම කරදර කරන්නේ..ඒ ළමයි සෙල්ලමට වෙන්න ඇති ... අනික සංහිදියාව නැතිවෙනවනේ මේ වැඩ වලින්..
නිරායුධ කෙනෙක් නම් වෙඩි තියලා මැරුවා..... ආයුධ සන්නද්ද උන් 6ක් ආවහම මරන්නේ 1යි...... අනිත් උන් පැනලා යනකම් මොකද කරේ.....
අපරාදෙනේ ඔක්කෝගෙම කරටි ටික කඩලා දැම්මානම් අහිංසක ජන ජිවිතයට නිදහසේ ජිවත් වන්න තිබුණා. ඔය කියන කල්ලි හින්දා තමා ඒ මිනිසුන් අවුරුදු 30 කට කිට්ටුවෙන්න දුක් වින්දේ. පැනලාගිය කට්ටියවත් කොහොමහරි මේ අය ගිය මග යවන්න. තව තව පැලේ අතු ලියලන්න දෙන්න එපා.
ඔක්කොටම තියන්න තිබ්බේ.....
භය වෙන්න එපා 2020 අපේ ආණ්ඩුවක් ආවාම මේගොල්ලෝ ඉබේම නැතුව යාවි.
තාත්ත කෙනෙක් අසනීප වූ දරුවා බලන්න යනකොට මැරෙන්න වෙඩි තිවුවා
ආවා කල්ලිය සම්බන්ද තොරතුරු සියල්ල සොයා බලා එය මුලිනුපුටා දැමිය යුතුයි. දැන් රටේ තියෙන තත්වය අනුව ත්‍රස්තවාදියෙකුට උනත් වෙඩි තියන්න කලින් දෙතුන් පාරක් හිතන්න වෙලා තියෙන්වා. අන්තිමට වැරදිකාරයා වෙන්නේ පොලිස්කාරයානේ. නීතිය හතර පස් වතාවක් එක තැන කැරකිලා කොහෙවත් ඉන්න මනුස්සවෙක් පිටින් උනත් යන්න පුලුවන්.