IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසියේ වෙඩි ප්‍රහාර මැද කොල්ල කල්ලිය පලා යයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පූගොඩ පොලිස් වසමේ වෙළෙඳසලක්  කොල්ල කා  පලා යමින් සිටි කොල්ල කල්ලිය ගමන් ගත් වෑන් රියකට මීරිගම පොලිස් නිලධාරීන් අද(13) පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදුණු වෑන් රිය නොනවත්වා ම පලා ගොස් ඇති අතර එම රිය අතුරු මාර්ගයක සඟවා ඇතැයි සැක කර හෙයින් පොලිස් කණ්ඩායම් සෝදිසි මෙහෙයුම ද ආරම්භ කර ඇත.

පූගොඩ නගරයේ වෙළඳසැලක් කොල්ල කන බවට ලැබුණු තොරතුරක් මත එම පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේ කොල්ල  කල්ලිය  වෑන් රියෙන් පලා ගොස් ඇත. පොලිස් නිලධාරින් පලා යන වෑන් රිය සොයමින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ සියලූ පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ අනුව පොලිස් පිරිස් විමසිල්ලෙන් සිටිය දී ගිරිඋල්ල දෙසට ගමන් ගත් වෑන් රථය නතර කරන ලෙසට  මීරිගම   ඩී එස් හන්දිය අසල දී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් නියෝග කර ඇත.

පොලිස් අණ නොතකා පලායාමට තැත් කළ වෑන් රියට පොලීසිය මෙහිදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතත්  ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම වෑන් රථය ගිරිවුල්ල දෙසට ගමන් කර නැති බවට පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත. එම හේතුව නිසා මෙම රිය ප්‍රදේශයේ කිසියම් අතුරු මාර්ගයක ගමන් කර සඟවා තබා ඇත් දැයි  සැක කරන බවද පොලිසිය පවසයි



අදහස් (2)

පොලිසියේ වෙඩි ප්‍රහාර මැද කොල්ල කල්ලිය පලා යයි

horu Thursday, 13 August 2020 03:21 AM

පොලිසිය වෙඩි තැබුවේ අපිට නොවේ... අහසට සහ අවට පොල්ගස්වලට...

:       0       0

අතුල Thursday, 13 August 2020 11:18 AM

පොලිසිය පවු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site