(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිස්සකු බව පෙන්වමින් කාන්තා ඇඳුමක් ඇද  කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයකු , කේරල ගංජා මිලිග්‍රෑම්  7000 ක් සමඟ  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,පන්නිපිටිය පීටර් සමරතුංග මාවතේ පදිංචි (45) පුද්ගලයකු බව පොලීසිය කියයි .

පිස්සකු ලෙස රඟපාමින් ගංජා ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77984) වීරසූරිය මහතා ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී , දුරකථන ඇමතුමක් හරහා , මිතුරකුගෙන් ලබාගන්නා කේරළ ගංජා , පැකට් කොට මෙසේ අලෙවි කරන බවත් ඒ සඳහා කිසිවකුට සැක නොසිතෙන පරිද්දෙන් , ගවුමක් හැද මාර්ගයේ ගමන් කරන බවත් ,එසේ යන අවස්ථාවලදී කිසියම් අයෙකුගෙන් බාධාවක් වන්නේ නම් ,එවිට ව්‍යාජ උන්මත්තක ස්වරූපයක්ගෙන රඟපෑමක නිරතවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි

(ඡායාරූප: බිමල් ශ්‍යාමන්)