(නිමන්ති රණසිං)

පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ලබන ජුනි මස 15 වැනිදා තෙක් පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එසේම, පොලිස් නිලධාරීන්ගේ දින විවේක ද ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

කොවිඞ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් සොයා බැලීම මෙන්ම නිරෝධායන නිති රිති කි‍්‍රයාත්මක කළ යුතුව ඇති බැවින් සියලූ පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කරනු ලැබුවේ ඉකුත් මැයි මස 11 වැනිදා සිට අද දක්වා ය.

ඒ අනුව එම නිවාඩු ලබන ජුනි මස 15 වැනිදා තෙක් අවලංගු කරන ලෙසට පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි.