
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිසිය සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එම පක්ෂයේ නියෝජිතයන් කරන චෝදනාව පට්ටපල් බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
පනාමුරේ පදිංචි ඉන්දික ජයරත්න නැමැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවකු බවත් ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පැමිණිලි ලැබී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
තමාට පොල්ලකින් පහර දුන් බවට එම තැනැත්තාගේ දුව පසුගිය 12 වැනි දා පොලීසියට පැමිණිල්ලක් කර රෝහල්ගතවී සිටින බව පැවසූ වීරසේකර මහතා එදින සිට මේ තැනැත්තා අතුරුදන්ව සිට ඇතැයිද පැවසුවේය.
සැඟවී සිටියදී පොලීසිය මොහු ඊයේ (16) රාත්‍රී 10 ට පමණ අත්අඩංගුවට ගත් බවත් ඊයේ අලුයම සිරමැදිරියේ ඇඳුමකින් ගෙල සිරකර ගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලීසිය ඔහු රෝහල්ගත කිරීමට ගෙන යනවිට මියගොස් ඇති බවත් සරත් වීරසේකර මහතා කීවේය.
මොහු සහ පෙළපාළිය අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට එරෙහිව කරන මෙම චෝදනාව අමූලික බොරුවක් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් මෙයාගේ ලික්කා වගේමයි. යන යන තැන නාගෙන හත්පොලේ ගාගන්නවා. මතකනේ එකපාරක් බවලතෙකුට යට ඇදුම් ගිහින් දුන්නා.
මොකා ඇත්ත කියනවාද ,බොරු කියනවාද කියන්න බැරි තරමට රටේ දේශපාලනය කුණු වෙලා ගඳ ගහනවා. බලයට පොරකන අප්‍රිකානු ගෝත්‍රික සමාජ වල වගේ ,මේ තත්වය මොන පාලකයා ආවත් ඉස්සරහට තියෙනවා . එන්න එන්න රට පල්ලට යනවා මිසක් ...............වෙන මොනවත් පෙනෙන්න නැහැ
පොලිසිය තරුණයකු මරා දමා ඇතැයි කියන කතාව බොරුවක්! ඒක හරි. ඇයි කිව්වොත් තරුණයකු මරා දමා ඇතැයි කියන්නේ ඒක වචනයක්.
එතකොට මොකද්ද ඇත්ත කතාව.? සියඹලා තිබුනෙම නැද්ද.?
ලන්කාවේ පොලීසියේ සමහර නිලදාරීන් ගේ කෙරුවාවල් ගැනත් අපි දන්නවා .
ඇත්තම කතාව .මල මිනී මතින් හෝ ජයගන්නට දඟලන නීචය්න්ගේ දේශපාලනයයි .ඊයේ තිබුන උද්ඝෝෂණයේදී දී.පුතානෝ ආපු හැටි දැක්කනේ .ඒත් පිටුපස හිටපු ඔලමොට්ටල හෙන්චයියෝ ටිකෙන් බාගයකටම අඩුම තරමේ මාස්ක් එකවත් නැහැ
හැමදාම කොටියා ආවා කිව්වා කතාව වගේ තමා.