(ඉන්දිකා රාමනායක)
පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් 400 දෙනකුගේ සහභාගීත්වයෙන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදු ප‍්‍රදේශය පවිත‍්‍ර කිරීමේ වැඩසහටනක් අද (25) පැවැත්විණි.
එම අවස්ථාවට පොලිස්පතිවරයා , උසස් පොලිස් නිලධාරීන් හිටපු කි‍්‍රකට් නායකයන් වූ සනත් ජයසුරිය, ටී.එම්.ඩිල්ෂාන් යන මහත්වරුද සහභාගි වුහ.
හිටපු කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතා පොලිස් නිලධාරීන් සමඟ එකව පිරිසිදු කිරීම්වල නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූප -පොලිස් මාධ්‍ය අංශය



COMMENTS
ඉතාම හොඳ වැඩක්... දිගටම කෙරුණොත් හොඳට තියේවි රට...
හොඳ වැඩක් වුණත් හැමදාම කරන්න බැහැ. මේ එක්කම ජනතාව දැනුවත් කළයුතුයි. බොහෝ දුම්රිය මගින් හිතන්නේ දුම්රිය මාර්ගය... දුම්රිය ස්ථානය, මුහුදු වෙරළ තමන්ගේ දෙයක් නොවෙයි කියලයි. ඒ අය දැනුවත් කළයුතුයි. තමන් අවට පරිසරයත් තමන්ගේ දෙයක් වගේ පිරිසිදුව තබාගන්න.
අපේ මුහුදු වෙරළවල් වල ප්ලාස්ටික්, පොලිතීන් වලින් අපවිත්‍රයි කියලා ලෝකෙම ප්‍රසිද්ධයි. වෙනම ආයතනයක් හදන්න වෙනවා මුහුදු වෙරළවල් පිරිසිදු කරන්න
මේ වැඩේ ඉතාම හොඳයි. නමුත් පොලිසේ නිලධාරීන් කල යුත්තේ අදට පරිස්සමින් පාර හරහා මගියෙකුට කිසිම බයක් නැතිව ගමන් කිරීම සඳහා හරි නීතියක් කිරීමට මෙම නිලධාරීන් යෙදවිය යුතුය. අඩුම තරමේ තරුණ ළමයි අපොස සාමාන්‍ය පෙළ අවසාන කල පසු මෙවැනි සමාජ සේවයන් මාස 6 ක කාලයක් කිරීමේ වැඩ පිළිවෙලක යෙදවිය යුතුය. එතකොට තමයි රටට ආදරය ඇති මිනිසුන් බිහි වන්නේ. ඊශ්‍රාලයේ මෙවැනි වැඩසටහන් තියනවා. තරුණ දරුවන් පිරිසක් පුරන්වී තියන කුඹුරු අස්වද්දන වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. එම තරුණ තරුණියන්ටත් අතහිත දීලා හොඳ වැඩ සටහනක් කිරීමට පුළුවන්. මෙය අදහසක් පමණයි
බොහොම හොද වැඩසටහනක්. අප මෙය ඉහලින්ම අගය කරන්නෙමු. සෑම නගරයකම විශේෂයෙන් පොදු ස්ථාන මෙසේ පිරිසිදු කර එලෙසම පවත්වාගැනීමට පුරවැසියන් වන අපගේ වැඩි වගකීමක් බවත් එයට අප පුර්ණ සහය දැක්විය යුතු බව අපගේ අදහසයි.
ඉතා හොදවැඩක්. සියලුම පිරිසිදු කරන්නන් හට අත්වැසුම් ලබා දීමට කටයුතු කරන්නේන. එසේම පොලීසිය වැනි ඉහල වැටුප් ලබන්නන් මෙම කාර්යයේ යෙදවිම කෙතරම් යෝග්‍ය දැයි සිතා බලන්න. විශේෂ නිපුණතා නැති පුද්ගලයන් වඩාත් යෝග්‍ය වේ. පා ආවරණද අනිවාර්ය කළ යුතු වේ.
ඉතාම හොඳ වැඩක්. ඒ වගේම පොලිසියෙන් මෙය ආරම්භ කිරීමත් ඉතාම හොදයි. ජනතාවත් ඒ සමග ම දැනුවත් කල යුතු වෙනවා වගේම මේ යහපත් ක්‍රියාව පවත්වාගෙන යා යුතුයි.
කරැණාකර සුලු සුලු වැරදි කළ අයට දඬුවමක් වශයෙන් මෙ කාර්යයන් වලට යොදවන්න.