(යොහාන් බාසුර)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද (3) පැමිණියේය.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

තමන් ප්‍රකාශය ලබාදීමට සුදානමින් සිටි බවත් විශේෂ ඒකකය ඊයේ (11.30ට) පමණ අද (3) නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් තමන්ට වෙනත් දිනයක් ලබාදෙන බව පැවසූ බවත් මහේල පැවසීය.

තමන් වෙනත් දිනයක් ඉල්ලා සිටි බවට අද පෙරවරුවේ මාධ්‍යවල පලවීම නිසා තමන් පැමිණි බව මහේල වැඩිදුරටත් පැවසීය.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ