(ආනන්ද ඉ ජයකොඩි)
සමගි ජන බලවේගයේ සංවිධායකත්වයෙන් හයිඩ් පිටියේ දී හෙට පැවැත්වෙන උද්ඝෝෂණයට ජනයා රැගෙන යාම තහනම් කරන ලෙසට පොලීසි හයකින් කරන ලද ඉල්ලීම් හයක් අත්තනගල්ල අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද සවස ප්‍රතික්ෂේප කළේය.
නිට්ටඹුව, නාල්ල, පල්ලෙවෙල,මීරිගම දංඕවිට හා වේයන්ගොඩ යන පොලීසි කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය.
එම පොලීසි හය වෙනුවෙන්ම අධිකරණයේ අවසරය පරිදි නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඇල්.රවීන්ද්‍ර මහතා ඊට අදාලව කරනු දක්වමින් සමගි ජන බලවේගය කොළඹ හයිඩ් පිටියේ දී හෙට උද්ඝෝෂණයක් හා රැළියක් පවත්වන බව කියා සිටියේය.
එම උද්ඝෝෂණ රැළිය සදහා නිට්ටඹුව, නාල්ල, පල්ලෙවෙල, මීරිගම , දංඕවිට හා වේයන්ගොඩ යන පොලිස් වසම්වලින් දහස් ගණනක ජනතාවක් රැගෙන යාමට සංවිධානය කොට ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ කීයා සිටියේය.
කොළඹ බලා යාමට දහස් ගණන් ජනයා ඒකරාශි වුවහොත් මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් අනෙක් පැත්තෙන් එම නගරවලද දැඩිසේ නොසන්සුන් කාරී තත්වයක් උදා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණ හමුවේ කරුණු දැක්වීය.
එම උද්ඝෝෂණ රැළියේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අනතුරක් කිරීමට සැලසුම් කොට ඇති බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු පැමිණිල්ලක් කොට ඇති බවත් මේ කරුණු සළකා බලා ජනයා කොළඹට රැගෙන යාම තහනම් කරන මෙන් ඉල්ලා සිටින බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා කරුණු දක්වමින් මෙවැනි ඉල්ලීම් කළ යුත්තේ නීතිපති වරයාගේ උපදෙස් අනුව බවත් මේ එකම ඉල්ලීමකට වත් නීතිපතිවරයා උපදෙස් ලබා දී නැති බවත් අනෙක් පැත්තෙන් ඔය උද්ඝෝෂණය පවත්වන්නේ මෙම අධිකරණ බල ප්‍රදේශයේ නොවන බව කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ ඉල්ලීම අත්තනගල්ල මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි
Royfedricks Monday, 15 November 2021 05:43 PM
ජනාධිපතිට තිබෙන බලතල අනුව ඕනෑම විනිසුරෙක්ව හේතු නොදක්වා සේවයෙන් නෙරපා හැරිය හැකියි. ඒ අවදානම නොතකා නිවැරැදි තීන්දු දෙන විනිසුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි...