IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියට හානි වන ප්‍රකාශයක් කළ එස්අයිගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින්  අපකීර්තිමත් ප්‍රකාශයක් කරමින්, එය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමට කටයුතු කළ බව කියන අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්  සිල්වා මහතා පැවසීය.  මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටි නිලධාරියෙකි.

උප පොලිස් පරීක්ෂකවරයා  සිදු කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

''උප පොලිස් පරීක්ෂකවරයෙක් විදියට  පොලිස් සේවයට බැඳුණා. 6 වෙනි දින මම ඇකියුස් කෙනෙක් ගත්තා අලුත්ගම ටවුමෙදි. පැය 24ක් යන්න කලින් ඇප. කවුරුහරි ඇමති කෙනෙක් කතා කලොත් පැය 24ක් යන්න කලින් ඇප. ඒ  දවසේ ඉඳලා රාජකාරි සඳහා එන බලපෑම මට දිගින් දිගටම වැඩියි. ස්ථානාධිපතිවරයාගෙන් එන බලපෑම නිසා මට මේ තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒ නිසා මම ශ්‍රී ලංකා පොලිස් සේවයෙන් අයින් වෙන්න තීරණය කළා. අතිගරු ජනාධිපතිතුමාට මගේ මේ ගැටලුව යොමු කරනවා'' යැයි එම ප්‍රකාශයේ  වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් 1 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා මෙසේද පැවසීය.

''එම  නිලධාරියාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මුසාවක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී ස්ථානාධිපතිවරයා ඔහුට පැවරී තිබෙන බලතල අනුව ක්‍රියා කර ඇති බව පැහැදිලි වෙනවා''යැයි කීය.

මේ පිළිබඳ අලුත්ගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතාගේ විමසීමේ දී මෙසේ පැවසීය.

''ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම  අසත්‍යක්. ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල  කරනවා නම් ඒකෙ ක්‍රමයක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක්. එම නිලධාරියා නිසි ක්‍රමවේදයෙන් තොරව ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා''යැයි කීය.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන්  විමසීමේ දී මෙසේ පැවසීය.

''ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම සහ මුඛ ආවරණ නොමැතිව සිටීම සම්බන්ධයෙනුයි එම නිලධාරියා විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එවැනි පුද්ගලයකුට ඇප දීමට පොලිස් ස්ථානාධිපති වරයෙකුට බලය තිබෙනවා'' යැයි කීය.



අදහස් (7)

පොලිසියට හානි වන ප්‍රකාශයක් කළ එස්අයිගේ වැඩ තහනම්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 February 2021 10:18 AM

දැන් දැන් කෙරෙනා දේවල් වල හැටියට, දේශපාලකයාගේ වන්දිභට්ටකම් කරනා හැටියට, ඒවා කොට රාජකාරිය බල්ලට දමා තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගන්නා හැටියට, රථවාහන පොලිසිය පගාගන්නා හැටියට, පොලිසියට ගෞරවයක් තිබේදැයි මේ බලධාරීන්ගෙන් විමසීමට කැමැත්තෙමු. මේ උප පොලිස් පරීක්ෂකවරයා නිවැරදි කෙනෙකු යයි සිතීමට හැකිය. මේ චූදිතයා බේරීම සම්බන්ධයෙන් එස්.අයි. මහතා විසින් ජනපති වෙත යොමුකොට ඇති කරුණ වන්නේ කිසියම් දේශපාලකයෙකුගෙන් දුරකථනය මගින් ඒ සඳහා අයුතු මැදිහත් වීමක් සිදුවුණු බවයි. ඒ ගැන දුරකථන හඬපට මගින් තොරතුරු සොයා බැලිය යුතුය. මේ නිලධාරියා ගෙනා චූදිතයා අධිකරණයට නොදැම්මේ මන්ද? යන කරුණු වලට ස්ථානාධිපති වරයා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතුය. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය වෙයි.

:       1       39

විජිත් Monday, 22 February 2021 11:30 AM

ඔබ හරි සමිත. ඒ වගේම මේ වාර්තාවේ සඳහන් වෙනවා "පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින්.." කියලා කොටසක්. ඒක දැක්කාම මට හිනාව නවත්ත ගන්න බැරුවයි මේ ඉන්නේ. පොලිස් දෙපාර්තමේන්තුවට කවදාද ගෞරවයක් තිබුනේ...? දේශපාලුවන් දුටු දුටු තැන දෙකට තුනට හතරට.. සමහරවිට බිම බඩගාගෙන සැලියුට් ගහන පොලිස් ලොක්කොයි කියන කොන්ද කඩපු සොක්කන් නිසා නීතියට වැඩකරන පොලිස් පොඩ්ඩෝ හැමදාමත් අසරණ වෙනවා.

:       1       31

සමිත සේනක අලුත්ගමගේ.Monday, 22 February 2021 12:09 PM

ස්තූතියි විජිත්... ඔයා හරි..!!!.

:       1       13

WCA Monday, 22 February 2021 11:47 AM

අර පොලිසියේ උඩට ආපු කාන්තා පොලිස් නෝනාට... ලොක්කෝ කියන කරන හැටියෙන් කියන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ගෞරවනීය දෙපාර්තමේන්තුවක් කියලා...

:       1       19

kapila Monday, 22 February 2021 12:58 PM

ඕක තමයි ලංකාවේ ඇත්ත කතා කරන්න ගියොත් වෙන්නේ....

:       1       17

Shirley suraweera Tuesday, 23 February 2021 12:45 AM

නාකොටික් එක කුඩු බිස්නස් කළ එකත් ගෞරවනීයයිද?

:       0       1

sharm warn Wednesday, 24 February 2021 10:28 AM

ගෞරවනීය පොලිස් දෙපාර්තමේන්තුව... මේ රටේ එහෙම එකක් කවදාවත් තිබුණාද ඇත්තටම? දන්නේ නැතිකමට අහන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site