
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කල්පිටිය පල්ලිවාසල්තුරේ අම්මාතෝට්ටම් ප්‍රදේශයේ දී සගවා තිබු රුපියල් ලක්ෂ 75 කට වැඩි වටිනාකමින් යුත් කහ කිලෝ 1500 කට ආසන්න ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් ගුවන් හමුදා බුද්ධි තොරතුරකට අද( 7 ) අලුයම සිය බාරයට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට රැගෙන විත් ප්‍රවාහනයට පල්ලිවාසල් වෙරළ තීරයට ආසන්න ස්ථානයක සඟවා, උර 50 ක අසුරා තිබු කහ කිලෝ 1500 කට අධික ප්‍රමාණයක් එම නිලධාරීන් සොයාගෙන ඇත.
අදාල කහ තොගය සමග එහි ප්‍රධාන සැකකරු බව පැවසෙන මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි අයකු ද කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම කහ තොගය නීරෝධායන නීති රිති උල්ලංඝණය කරමින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව මුලික විමර්ශන වලදී හෙළිව ඇතැයි පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය කියයි.
අදාල කහ තොගය හා සැකකරු කල්පිටිය පොලිසියට භාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පල්ලිවාසල්තුරේ වෙරළේ ලක්ෂ 75ක කහ සඟවලා