( ටී එල් ජවුෆර්ඛාන්)
 
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර  පිල්ලෙයාන් නොහොත්  සිවනේසතුරයි චන්ද්‍රකානතන්ට එරෙහි නඩුව  ලබන ජනවාරි මස  11වැනිදාට කල් තැබිණි.
 
මඩකලපුව අධ්කරණ විනිසුරු  එස් .සුසයිදාසන්  මහතා ඉදිරියේදී මෙම නඩුව අද කැදවිණි.
 
පසුගිය 2005.12 25 වැනි දින ශාන්ත මරියාල් දේවස්ථානයේ නත්තල් යාඤාාවකට  සහභාගිවී සිටියදී මඩකලපුව දිස්ත්‍රික්ක  පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජාසිංගම්  ඝාතනය සම්බන්ධව  පිල්ලයාන් ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කර  සිටි අතර පසුගිය මාසයේ  ඇප මත නිදහස් කරන ලදි