( ජවුෆර්ඛාන්)
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 07 දෙනකුට එරෙහි යාපනය මහා අධිකරණයේ විභාග වන නඩුව ලබන ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු එම් .එම් ඉසසදීන් මහතා නියෝග කළේය.
දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධානාගාරගත කර සිටි.
2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානය තුල වෙඩි තබා මරා දැමිණි.
එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර පළාතේ බෙදීමක් ඇති වූ සමයේදීයි, එම ඝාතනය සිදු විය.
ඊයේ සවස්වන තුරුම මෙම නඩුව විභාගයට ගැනිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලෙයාන්ලාට කේ.පී. ලට, කරුණලාට හොඳ කලදසාවක් ලබලා...
සිංහලයා වෙනුවෙන් සටන් කිරීම ගැන ඔබතුමාට ණය ගැතී. අපට හිටියේ ප්‍රබාකරන්ට උතුරේ පාලනය දෙන්න සුදානම් වූ ඊනියා නායකයෝ. පුදුමය ඒ නායකයා පසුපස යන පිරිසකුත් ඉන්නවා.