(රොමේෂ් මධුෂංඛ)
දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුලු යුද උපකරණ රැසක් සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.
ඒ.කේ.47 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක්, අත්බෝම්බ 11ක්, පී.ඊ. වර්ගයේ බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක්, පතුරම් 120ක්, දුරදක්නයක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් තිබූ සොයාගෙන ඇත.
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් පසුගිය 18 වනදා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබා රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර, එහිදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අධිකරණ වෛද්‍ය නිලධාරීයා මෙම යුද උපකරණ පිළිබඳව අනාවරණය කර ඇත.
එහිදී අදාළ යුද උපකරණ සොයා විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පලෙයි පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.
මේ අනුව අදාළ යුද උපකරණ තොගය එම ස්ථානයේ සඟවා තැබූ පුද්ගලයින් සමබන්ධයෙන් හා එම යුද උපකරණ ලැබුණු ආකාරය පිළිබඳවද යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති අතර අත්අඩංගුවේ සිටින අධිකරණ වෛද්‍යවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.
COMMENTS
අර වනාතවිල්ලුවෙ පුපුරණ ද්‍රව්‍ය හම්බුනාට පස්සෙ කරපු පරීක්ෂණ වලට වඩා කාර්යක්ෂමව පරීක්ෂණ කරාවි කියල විශ්වාස කරනවා .
යහපාලනය සැබෑ වෙනසක්. අන්තවාදීන් මදිවට හිටපු අයත් නැගිටලා.මෙවා විහිළුවකට ගත යුතු දෙවල් නොවේ.යහපාලනය මුවාවෙන් අැවිත් අපිව විනාශ කරා .එහෙම අයට සිංහලයන් වශයෙන් අපගෙ ඡන්දය නොදිය යුතුයි .නැතිනම් අපට සිදු වන්නෙ පක්ෂ බදාගෙන රට කෑලිවෙනකම් බලා සිටීමටයි.පක්ෂ වලට බෙදී රණ්ඩු කිරීමට හෝ අපට රටක් තිබිය යුතුයි. මෙම කේවල් කිරීම මෙම ඡන්දයෙන් කම්මුතු කළ යුතුයි .
මෙයා අහිංසකයි කියල කට්ටිය ලොකුවට පෙළපාලි ගියා නේද ?
මෙයා අහිංසක කියමින් නිදහස් කරන්නයි කියල රෝහල් සේවකයෝ, උතුරේ දේශපාලකයෝ, ප්‍රදේශවාසීන් උද්ගොෂනයත් කළා.
මේ වෛද්‍යවරයා දොස්තරලාගේ මාෆියා සංගමයේ සාමාජිකයෙක්ද? තව්හිත් ජමාද් කල්ලි මෙන්ම ජාතිය කුමක් උවත්, දොස්තර මාෆියා ත්‍රස්තවාදී කල්ලිද මේ රටේ තහනම් කල යුතුයි. මේ සංවිධාන එකිනෙකට සම්බන්ධයි.
ත්‍රස්තවාදීන්ව එල්ලා මැරීමේ නීතියක් ගේන්න ඕනේ.