(රොමේෂ් මධුෂංඛ)
දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුලු යුද උපකරණ රැසක් සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.
ඒ.කේ.47 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් දෙකක්, අත්බෝම්බ 11ක්, පී.ඊ. වර්ගයේ බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක්, පතුරම් 120ක්, දුරදක්නයක් ඇතුළු තවත් යුද උපකරණ රැසක් තිබූ සොයාගෙන ඇත.
පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරූබන් පසුගිය 18 වනදා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබා රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කර ඇති අතර, එහිදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අධිකරණ වෛද්‍ය නිලධාරීයා මෙම යුද උපකරණ පිළිබඳව අනාවරණය කර ඇත.
එහිදී අදාළ යුද උපකරණ සොයා විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පලෙයි පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ යුද උපකරණ රැසක් සොයාගෙන ඇත.
මේ අනුව අදාළ යුද උපකරණ තොගය එම ස්ථානයේ සඟවා තැබූ පුද්ගලයින් සමබන්ධයෙන් හා එම යුද උපකරණ ලැබුණු ආකාරය පිළිබඳවද යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් අරඹා ඇති අතර අත්අඩංගුවේ සිටින අධිකරණ වෛද්‍යවරයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් පියවර ගෙන ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක් වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ස
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇ
අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ අැති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පලෙයි වෛද්‍යවරයාගේ තොරතුරකින් පුපුරණද්‍රව්‍ය රැසක් සොයාගනී
නිපුණ Tuesday, 27 August 2019 05:13 AM
අර වනාතවිල්ලුවෙ පුපුරණ ද්‍රව්‍ය හම්බුනාට පස්සෙ කරපු පරීක්ෂණ වලට වඩා කාර්යක්ෂමව පරීක්ෂණ කරාවි කියල විශ්වාස කරනවා .
ගොන්ගාලේ ගොඩබණ්ඩාTuesday, 27 August 2019 06:34 AM
නිපුන මේකයි වැඩේ. වෛද්‍ය සින්නයියා සිවරූබන් එක්ක සම්බන්දකම් තිබුන දේශපාලකයෝ ඇති. ඒත් කවදාවත් එයාල මේකට ගෑවෙන්නේ නෑ. අපි හිතුවේ නෑ, මගේ පාක්ෂිකයෙක් විතරයි, ඇසුරු කලාට එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ, අපි ඕනෙම චන්දදායකයෙක් උදවුවක් ඉල්ලුවොත් කරනවා. ඔන්න බලන්න අද හෙටම මේ සිදුවීම පස්සෙත් ඔය වගේ දේවල් නැවතත් ඇහෙන්න පටන් ගනීවි. මේ රටේ දේශපාලකයින්ට ඕනෑම අපරාධයක් කරලා ගැලවෙන්න පුළුවන්. අහිංසක ජනතාවගේ අවාසනාව.
ගල්කටස් Tuesday, 27 August 2019 05:22 AM
යහපාලනය සැබෑ වෙනසක්. අන්තවාදීන් මදිවට හිටපු අයත් නැගිටලා.මෙවා විහිළුවකට ගත යුතු දෙවල් නොවේ.යහපාලනය මුවාවෙන් අැවිත් අපිව විනාශ කරා .එහෙම අයට සිංහලයන් වශයෙන් අපගෙ ඡන්දය නොදිය යුතුයි .නැතිනම් අපට සිදු වන්නෙ පක්ෂ බදාගෙන රට කෑලිවෙනකම් බලා සිටීමටයි.පක්ෂ වලට බෙදී රණ්ඩු කිරීමට හෝ අපට රටක් තිබිය යුතුයි. මෙම කේවල් කිරීම මෙම ඡන්දයෙන් කම්මුතු කළ යුතුයි .
athuraTuesday, 27 August 2019 06:10 AM
ගල් කටස් අයියෙ මේ නාමල් කුමාර දෙවන කොටස නෙමෙයි නේද. ඔයා නිතරම කියන්නෙ අරගොල්ලො නැතුව මේ රට කරන්න බැහැ කියලනෙ. මට ප්‍රශ්නෙ මේකයි දෙමල මුස්ලිම් අයට මේ ආණ්ඩුව ඕන නම් එයාල මේ ආණ්ඩුව තියෙද්දි යුද්දෙකට යයිද.
ගල්කටස් Tuesday, 27 August 2019 07:09 AM
සිංහලයා මෝඩයා රවටන්න ලෙහෙසියි කියලා හැබැයි කැවුම් කන්න යොදයා කියලා අපට කිව්වෙ එයාලා තමා එයාලා ශක්තිමත් වෙනකම් විතරයි ඔයා බාබා පාට්.
SenarathTuesday, 27 August 2019 11:10 AM
ඕකම තම 1982 දී උනෙත්. 10ක් 15 ක් විතර හිටපු කොටි රැල 20,000 ක් විතර වෙනකම් එදා හිටපු නායකයොත් ගණන් නොගෙන හිටියා වෙන කතා කියමින්. ඒ නිසා තමා දැන්ම යම්කිසි තත්වෙකට නැවත වර්දනය වෙලා , පිරටවල ආධාර ඇතිව ඉදිරි ගමන නැවත යන්න මේක අවස්තාවක් කරන්නේ.
athuraWednesday, 28 August 2019 04:33 AM
සිංහලය මෝඩයා කැවුම් කන්න යෝදයා කියල සිංහලයත් නොදන්නවා නෙමෙයි නේද ගල් කටස් අයියෙ.
sugath Tuesday, 27 August 2019 05:35 AM
මෙයා අහිංසකයි කියල කට්ටිය ලොකුවට පෙළපාලි ගියා නේද ?
Hafeel Tuesday, 27 August 2019 07:21 AM
මෙයා අහිංසක කියමින් නිදහස් කරන්නයි කියල රෝහල් සේවකයෝ, උතුරේ දේශපාලකයෝ, ප්‍රදේශවාසීන් උද්ගොෂනයත් කළා.
රොෂාන් Tuesday, 27 August 2019 07:27 AM
මේ වෛද්‍යවරයා දොස්තරලාගේ මාෆියා සංගමයේ සාමාජිකයෙක්ද? තව්හිත් ජමාද් කල්ලි මෙන්ම ජාතිය කුමක් උවත්, දොස්තර මාෆියා ත්‍රස්තවාදී කල්ලිද මේ රටේ තහනම් කල යුතුයි. මේ සංවිධාන එකිනෙකට සම්බන්ධයි.
Dilanka Tuesday, 27 August 2019 08:39 AM
ත්‍රස්තවාදීන්ව එල්ලා මැරීමේ නීතියක් ගේන්න ඕනේ.