
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය හෙට(16) යළි විවෘත කරන බව ධීවර අමාත්‍යංශය පවසයි.
සීමිත තොග වෙළඳාම සඳහා පමණක් වෙළඳ සංකීර්ණය විවෘත කරන බවද, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එහි නවීකරණ කටයුතු කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි.
ඔක්තෝබර් 21 වැනිදා පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය වසාදැමුණේ, කොරෝනා වයිරසය ආසාදනය වූ වෙළෙන්දන් පිරිසක් හඳුනාගැනීම හේතුවෙනි. එතැන් පටන් පෑලියගොඩ කොරෝනා පොකුරට ආසාදිතයෝ 25,000ක් පමණ මේ දක්වා එකතු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd