
(යොහාන් භාසුර)
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ලබන 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොරණ මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.
එම පාලමේ ඉදිකිරීම් සමාගම කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබූ බවත් අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී සාමාන්‍ය පරිදි වාහන ධාවනයට අවස්ථාව සැළසිය හැකි බවට එම සමාගම පැවසීම නිසා තීරණය වෙනස් කළ බවත් සර්ධා වීරකෝන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd