IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විදේශ සමාගමකට විකිණීමේ සැලසුමක්

(නිමල කොඩිතුවක්කු)

පුල්මුඬේ ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට විදේශ සමාගමක් වෙත විකිණීමේ අරමුණකින් ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී පැවැසීය.

ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු ඒ සම්බන්ධව නිහඩව සිටින බවත් ඔහු සඳහන් කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේද කීය.

      ‘‘පුල්මුඬේ ඛනිජ වැලි නිධියේ වැලි ජාවාරම්කරුවන් විසින් සොරකම් කිරීම සම්බන්ධව ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ඇතුලු සේවකයන් මැදිහත්වී කටයුතු කිරීමේදි ප‍්‍රදේශීය දේශපාලකයන් හා මැරයන් පැමිණ එයට අවහිර කිරීම් සිදුකර තිබෙනවා. පොලිසිය කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් කරන්නෙ නෑ. දේශපාලන බලපෑමෙන් ඔවුන් ජාවාරම්කරුවන් වෙනුවෙන් නිහඩව සිටින බව පෙනෙනවා. සමස්ත ඛනිජ වැලි නිධියම විකුණා දැමීමේ උත්සාහයක ආණ්ඩුව ඉන්නවා.

මුලතිව් සිට නිලාවැලි මුහුදු තීරයේ සැතපුම් 40ක පමණ දුරක් තිබෙන මෙම ඛනිජ වැලි නිධිය ලෝකයේ හොඳම ඛනිජ වැලි නිධියක් ලෙස සලකනු ලබනවා. විශේෂයෙන් ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් කියන වටිනා ඛනිජ මේ නිධියෙන් ලබාගන්නවා. ඉල්මනයිට් කියන්නෙ අභ්‍යවකාශ යානා සහ ගුවන්යානා නිෂ්පාදනයට ගන්නා මිල අධික ලෝහයක්.

1958 මේ ඛනිජ නිධිය සම්බන්ධ කැණීම් කටයුතු සඳහා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පිහිටුවා ගත්තට වැලි හාරලා විකුණනවා මිස පසුගිය වසර 60 තුළ ඒ වටිනා ඛනිජ පදනම් කරගෙන කර්මාන්ත ශාලාවක් පිහිටුවන්න අපේ පාලකයන් අසමත් වෙලා තියෙනවා. අවම වශයෙන් ටයිටේනියම් ලෝහය නිස්සාරණය කරලා ගුවන්යානා නිෂ්පාදනය සඳහා අපනයනය කරන්නවත් පාලකයන් අසමත් වෙලා තිබෙනවා.

1992දි ලංකා මිනරල් සයන්ස් ලිමිටඞ් කියලා රජය සතු සමාගමක් බවට ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පත්කළා. පහුගිය කාලය පුරාම මේ සමාගම අධික ලාභයක් උපයමින් සිටිනවා.

මෙහි වැදගත්කම තමයි මේ වැලි හාරන්න හාරන්න බෙංගාල මුහුදේ රළ මගින් ඛනිජ වැලි ගෙනත් තැන්පත් කරනවා. ඒ නිසා මේ ඛනිජ නිධිය අවසන් නොවන සම්පතක් ලෙස පවතිනවා. මේ ඛනිජ නිදියෙ වැලි සොරකම්කරගෙන සාමාන්‍ය  වැලි මිලට සමාගම්වලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවන බව ප‍්‍රසිද්ධ කාරණයක්.

ඒ වගේම ඒ සඳහා දේශපාලකයන් සම්බන්ධ බවත් පසුගිය දිනවල ඒ ඛනිජ නිධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකරන්න දේශපාලකයන්ගෙ මැරයන් බාධාකිරිමෙන් ඔප්පු වෙනවා.

මේ නිධිය ඉන්දියානු සමාගමකට නොමිලයේ පවරලා ස්විස් චැලෙන්ජ් ක‍්‍රමයට ආණ්ඩුවට යම් මුදලක් ලබාගන්න රිෂාඞ් බද්යුද්දින් ඇමතිවරයා 2017 ජූනි 6 කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා. එයට විරෝධය මතුවීම නිසා හකුලා ගත්තා. දැන් අපට වාර්තාවන ආකාරයට අරාබි සමාගමකට මෙම වැලි නිධිය පවරන්න යනවා.

එහිදී වැලි කියුබ් එක රු. 27,000කට මිල කරන බව තමයි වාර්තා වෙන්නෙ. ඒ මිලට සාමාන්‍ය  ගොඩනැගිලි ඉදිකිරිමකටවත් වැලි මිලදී ගන්න බෑ. ඒ නිසා මේ ආකාරයට වටිනා ඛනිජ වැලි නිධිය කුණු කොල්ලයට විකුණා දැමීමේ සැලසුමක් ආණ්ඩුව ගෙන යමින් තිබෙනවා.

මේ වනවිට ජාතික සම්පත් ගැන දේශපේ‍්‍රමය ගැන කතාකරන ජනාධිපතිගෙ සහ ඇමතිවරුන්ගෙ කටේ පිට්ටු. සාමාන්‍යයෙන් මේ වැලි නිධිය කැණීම් කරලා වසරක් තුළ ඉවත්කරන ප්‍රමාණය වසරක් තුළ එහි නැවත තැන්පත්වන ප‍්‍රමාණයට සමානයි කියලා නිරීක්ෂනය වෙලා තිබෙනවා.

නමුත් මේ නිධිය වාණිජ සමාගමකට පැවරුවොත් වසර 25ක වගේ කාලයකින් සියල්ල ඉවත්කරන වේගයකින් වැලි නිධිය අවසන් කිරීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසාම මෙහි පාරිසරික විනාශයක් හා ඒ සම්බන්ධ විවිධ ගැටලූ මතුවෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසාම මේ සම්බන්ධ වහාම කරුණු අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.

රජය ආදායම් නෑ කියලා ජනතාව මත බදුබර පටවනවා. නමුත් රජයට ආදායම් ඉපදවිය හැකි මෙවැනි වටිනා ඛනිජ සම්පත් කුණුකොල්ලයට විකුණා දමනවා. අපිට වාර්තාවන ආකාරයට 2016 වසරෙත් මෙට්රික් ටොන් 32000ක් මේ නිධියෙන් හාරලා මුදල් උපයාගෙන තිබෙනවා.

ඒ නිසා මේ තත්වය පිලිබඳ අපි අවධානයට ලක් කරමින් මෙම නිධිය විකිනීමේ අදහසක් තිබෙනවා නම් වහාම ඒ පිළිබඳ අනාවරණය කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.

මෙහි වටිනා ඛනිජ සම්පත් කුණු කොල්ලයට විකිණිමේ සැලසුම් වහා හලකුලා ගන්නා ලෙස අපි අවධාරනය කරනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.

 

 

 

 

 

 



අදහස් (15)

පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විදේශ සමාගමකට විකිණීමේ සැලසුමක්

rocky Wednesday, 20 March 2019 01:14 PM

දැනටමත් කොමිස් කුට්ටියක් ලබාගෙන තියනවලු නේද?

:       0       36

pathiranaWednesday, 20 March 2019 01:39 PM

මමත් දැක්කා වෙබ් සයිට් එකක සිංගප්පූරුවේදී කුට්ටිය ලබාගත්තා කියලා...

:       0       9

sena Wednesday, 20 March 2019 01:15 PM

කොමිස් එක ලැබෙනවා නම් රටම වුණත් විකුණයි...

:       0       14

සුජීව Wednesday, 20 March 2019 02:16 PM

යකෝ මේ රටේ ආණ්ඩු කරන්නේ පිටරටින් ආපු මිනිස්සුද? දවස ගානේ පනත්නම් සම්මත කරනවා. බදුත් ගහනවා. ඒ අතරේ රටම විකුණනවා. මේ වගේ පාලකයෝ සහ ඡන්ද දායකයෝ ඉන්න රටක් ලොවෙත් නැතුව ඇති...

:       0       19

BamunuarachchiThursday, 21 March 2019 12:25 AM

පිටරටින් පැමිණි සුද්දෝ මෙරට අයට වැඩිය මෙරටට ආදරය කලා. රටට ආදරය කළ මේ රටට වැඩ කළ හැම සුද්දෙකුගේ නමින් පාරක් නම් වුනා.

:       1       11

rasika Wednesday, 20 March 2019 03:22 PM

පුදුමේ කියන්නේ ජවිපෙට මේවා ගැන කිසිම හැඟීමක් නැහැනේ.. මේ ගැන දන්නේ නැද්ද දන්නේ නැහැ. අපි දැනගෙන හිටියා ජවිපෙ නම් අධිරාජ්‍යවාදී විදේශීය බහුජාතික සමාගම්වලට විරුද්ධව සටන් කළා. සම්පත් විකිණීමට තදින්ම විරුද්ධ වුනා.. විස පොවන කිරිපිටි සමාගම් වලට විරුද්ධත් නැහැ. රට විකුණන ආණ්ඩුවට විරුද්ධත් නැහැ.. අනේ මන්දා.. ජවිපෙ නම විතරද මන්ද දැන් තියෙන්නේ.. මන් හිතන්නේ පෙරටුගාමින් ඔවුන්ගේ යුතුකම ඉටු කරන්න.. වෙලාව.. ඒ වගේම නිදාගත් ජවිපෙ හිඩැස පුරවන්න ඔවුන්ට පුළුවන් වේවි...!!!

:       41       307

සුජීවWednesday, 20 March 2019 03:41 PM

ආපෝ ඒ ගොල්ලන්ට වෙන කොච්චර වැදගත් වැඩ තියෙනවද? 20 සම්මත කරගෙන රට සුඛිත මුදිත කරන ඒවා වාගේ...

:       72       204

රනෛල් Wednesday, 20 March 2019 06:57 PM

ගිය අවුරුදු දහයෙ විගණන වාර්තා පෙන්වන්න බැරිද.... වැලිගොඩ රැක ගන්න බැරි අය නීතිය ගැන කතා කරනවා

:       0       3

thilak Thursday, 21 March 2019 01:03 AM

විකුනනේ නැතිනම් ඒ සම්බන්දව කටයුතු කිරීමට ක්‍රියාත්මක කළහැකි ඔබලාගේ ව්‍යාපෘති වාර්තාවක් ජනතාවට සහ රජයට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව හැමදේකටම විරුද්ද වීම නිසා තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ශ්‍රී ලාංකිකයෝ හරි දෙයක් ඉදිරිපත් කරන්නත් ඉදිරිපත් නොවන්නේ මේ වැඩපිලිවෙලක් නිසයි

:       4       2

Nimal Thursday, 21 March 2019 01:34 AM

ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් එහි ණයබර සම්පූර්ණයෙන්ම ගෙවා, ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි තරම් අවශ්‍ය සම්පත් තිබෙනා බව මා දැනගත්තේ පින්නපොල ගුරු පියානන්ගේ රසායන විද්‍යා උපකාරක පන්තිවලදීය. ඒ පුල්මුඩේ ඛණිජ වැලි නිධියයි. මෙම ඛණිජ වැලි නිධියේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000, රූටයිල් – ටොන්– 12,000, සර්කෝන් – ටොන් 10,000ක් හා මොනසයිට් – ටොන් 100ක් පමණ වේ. මිතුරනි, එම පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකුණා දැමීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි විය. පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නේ අරාබි සමාගමකට ය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇමති රිෂාඩ් බදියුදීන්ය. හද සලිත කරවන විහිලුව එය නොවේ. මෙම ලොව හොදම ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කටය. ඔව්.. ඩොලර් 145 කටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

:       0       3

nimal Thursday, 21 March 2019 01:36 AM

නිෂ්පාදන නොකළද මෙම ලොව උසස්ම තත්වයේ ඉල්මනයිට් ටොන් 1ක් ඩොලර් 9000 - 15000ත් අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක. දූෂිත දේශපාලුවන් රටේ සම්පත් වනසද්දි ඒ පිළිබඳව රටේ ජනතාව හාන්කවසියක් දන්නේ නැත. එක් පැත්තකින් හම්බන්තොට වරාය චීනය සතු කර ගත්තේය. අනෙක් පසින් මත්තල ඉන්දියාවට විකිණීමට සුදානම් ය. ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාව නොමිලයේ ලබා දෙද්දි ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට නොමිලයේ ලබා දුන්නේය. චීනය සිංහරාජයේ ගස් කපා දැව චීනයට පටවා ගනියි. අරාබිය නැගෙනහිර ඛනිජ වැලි නිධිය අත්පත් කර ගත්තේය . අවසන් අවස්තාවද අපෙන් ගිලිහී ගිය බව දැනෙද්දී උපන් රට පිලිබඳ ඉතිරිව ඇත්තේ කිව නොහැකි තරමේ හද කම්පාකරවන දුකක් පමණි.

:       0       11

RanilThursday, 21 March 2019 06:14 AM

මත්තල කියන්නේ කවදාවත් ගොඩ දන්නා බැරි සුදු අලියෙකි , මත්තල ගැන හිල්ලිමෙන් ඔබ කාට කඩේ යන පුද්ගලයෙක් ද කියල හිතාගන්න පුළුවන්

:       0       0

sarathThursday, 21 March 2019 07:55 AM

එහෙනම් පුල්මුඩේ ගැන උහුල්ලන්නකෝ ... මත්තල අතහැරලා.. පුල්මුඩේ සිද්ධිය දකින්න ඇතිනේ පත්තරවල

:       0       0

දිලුම් Thursday, 21 March 2019 03:49 AM

මේ රට වනසන අයට දඩුවම් ලැබේවි. මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න තියන ක්‍රම සේරම වහල වෙන රටවලට කත් ඇද ඇද අපේ පිට බදු පවටමින් සුර සැප විදින පිරිසක්. අපේ ලේ උරා බොන එක වනතන්නේ කවදාද?? ඇයි ඔවුන්ට බැරි උනේ මේ වගේ ජාතික සම්පතක් මේ රටේ සංවර්ධනයට යොදා ගන්න උපායමාර්ග කල්පනා කරන්න. මේ රටේ ඉන්න රජයේ උසස් යැයි කියා ගන්නා නිලධාරියෝ බුදියගෙන හිටියද.

:       0       2

අනුර කුමාර වික්‍රමසිංහ Thursday, 21 March 2019 07:57 AM

මට ඇහුනෙත් නැහැ...... මම දන්නේත් නැහැ එහෙම මොකුත් නැතිද..............

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති
2024 ජුලි මස 27 677 0

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජ


පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි
2024 ජුලි මස 27 2662 0

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත


දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
2024 ජුලි මස 27 457 0

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක ය


බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
2024 ජුලි මස 27 5763 0

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡා


වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 591 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 1221 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 176 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 222 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1167 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site