(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස්.හේරත්)
පැල්මඩුල්ල නගරයේ වෙළඳ සැලක් බිඳ මැණික්, රන් ආභරණ සහ මුදල් කොල්ලකෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදාවෙන් පලා ආ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු, ගුරුවරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෛකු ලබන හෙට (09) වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් බන්දු ජයනාත් හිත්තැටිය මහතා අද (07) නියෝග කළේය.
මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණේ බළන්ගොඩ කිරිමැටිතැන්න හන්දියේ පදිංචි මොහොමඞ් හනීෆා අබ්දුල් සත්තාර් , වේලිඔය කොටවෙහෙරමංකඩ, ලිපිනයේ පදිංචි අජිත් විජයවීර , උතුරු කිරිඳිවල, මද්දේගම, බෙලින්දන්දේ පදිංචි සඳුන් චාමර මධුශංඛ , ලුණුගම් වෙහෙර, පදිංචි දිලංග දිල්ශාන් සහ හොරණ පදිංචි ධනුෂ්ක කුමාර යන අයයි.
සොරාගන්නා ලද මැණික් වලින් සැකරුවන් සන්තකයේ තිබී එක්කෝටි විසි ලක්‍ෂ අසූපන්දහසක මැණික් ද, හතළිස් නමලක්‍ෂ හැටහතර දහස් පන්සියයක රන් ආභරණද, හාර ලක්‍ෂ හතළිස් හත් දහස් නවසිය විස්සක මුදල් ද සොයාගත් බවද පොලිසිය දැන්වීය. ඇතැම් රන් ආභරණ උගස්කරතිබූ අතර උගස් ආයතන වලින් ඒවා සොයාගෙන තිබුණි.
විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස පොලිසිය ඉල්ලිමක් කළේය. ඒ අනුව සැකකරුවන් මේ මස (09) වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැල්මඩුල්ල මැණික් කොල්ලයේ සැකකරුවන් 5 දෙනා රිමාන්ඩ්