IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පිලිප් කුමරු රිය අනතුරක

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බර්ග්හි ආදිපාද පිලිප් කුමරු මෝටර් රථ අනතුරකට ලක්ව ඇත.

 
කුමරු විසින් පදවාගෙන ගිය මෝටර් රථය තවත් මෝටර් රථයක් සමඟ ගැටී කුමරු ගමන් ගත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථය පෙරළීගොස් ඇත.
 
බකිංහැම් මාලිගාව සමීපයේ ඇති සැන්ඩ්‍රිගම් වතුයාය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත‍.
 
අනතුරින් 97 හැවිරිදි පිල්ප් කුමරු කම්පාවට සහ බියට පත්ව ඇති බව වාර්තා වේ. 
 
 පිල්ප් කුමරු හට බරපතළ තුවාල සිදුවී නොමැති බවත් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.


 ඒ එෆ් පී ඇසුරෙනි 


(63226)


 



අදහස් (10)

පිලිප් කුමරු රිය අනතුරක

rocky Friday, 18 January 2019 08:23 AM

ඒ මහත්තයාටත් ජනතා මුදල් වියදම් කරලා හෙලිකොප්ටර් එකෙන් යන්න තිබුනනේ! අනේ පවු. රජ සැප වුනත් හිතේ හැටියට විඳින්න දන්නේ නැති මෝඩ අහිංසක මනුස්සයෙක්.

:       201       106

maheshikaFriday, 18 January 2019 09:00 AM

රජ සැප නම් හොඳට විඳිනවා. අතට පයට ඉන්න සේවකයන්ගෙන් මිදිලා තනිව ගමනක් යන්න හිතෙන්න ඇති. නමුත් එංගලන්තේ නීතියට අනුව වයස 73න් පසුව වර්ෂයක් පාසා රිය පැදවීමට සුදුසුද යන්න පරික්ෂාවට ලක්කළ යුතුයි. මෙයා 90ත් පැනලා ඉන්නේ... නඩුත් රජුන්ගේ, බඩුත් රජුන්ගේ.

:       137       316

yahaFriday, 18 January 2019 12:36 PM

අනේ නිකම් හැම මගුලටම ඇද කියන්නේ නැතුව ඉන්න. යකෝ රජ පවුල් කියන්නේ රජ පවුල්. උඹලා වගේ හිඟන්නන් නෙමේ..

:       308       405

BamunuarachchiFriday, 18 January 2019 12:55 PM

එංගලන්ත මිනිසුන්ට පිලිප් කුමාරයාගේ වයස ප්‍රශ්නයක් නොවෙයි. ලංකාවේ අයටනේ ප්‍රශ්නය. අපේ රටේ ඊයේ පෙරේදා කාර් එකකට නැග්ග අයට රියදුරෙක් ඕනේ කාර් එකේ දොර අරින්නත් කාර්යාල සහයකයෙක් එන්න ඕනේ. එංගලන්ත රජ පවුලේ අය වාහනය පැද වීමත් තමන්ම කරගන්නවා

:       55       115

Neel priyantha rathnayake Saturday, 19 January 2019 03:46 AM

රැජිනකගෙ ස්වාමියා වෙනව කියන්නෙ හිරේ යනව වගේ වැඩක් වෙන්න ඇති..පව් අප්පා මේ මනුෂ්‍ය

:       0       0

rock jhon Friday, 18 January 2019 09:16 AM

ඔය වයසෙදි මොන ලැන්ඩ් රෝවර්ද? පිනක්, දහමක් කරන් ඉන්නැතුව. රිය ධාවනයට වයස වැඩියි.

:       45       268

Bamunuarachchi Friday, 18 January 2019 12:47 PM

වයස කියන්නේ නොම්මරයක් පමණයි

:       36       67

lanka Friday, 18 January 2019 02:11 PM

මොහු වයසින් වසර 100කට ආසන්න කෙනෙක්. ඕනෙම කෙනෙක් වයස්ගත වෙනකොට යම් හදිසි අවස්ථාවකට ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය අඩුවෙනවා. මා සිතන්නේ මොහු වැනි කෙනෙක් රිය පැදවීම ඔහුටත්, පාරේ ගමන්කරන අනිකුත් අයටත් අවදානමකි.

:       1       119

සීයා මනමාලයා, නාකි ඉලන්දාරියා Friday, 18 January 2019 02:58 PM

සීයා තාම කුමාරය කියල හිතාගෙන ඉන්නේ. ඒකයි සිද්ධිය.

:       17       73

Thilak dubai Sunday, 20 January 2019 09:20 AM

දැනගන්නට ඕනෑ වයසේ හැටියට ඉන්න.

:       27       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 311 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site