
(ක.ග.කරුණාරත්න)
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙවර යල් කන්නයේ එක් ගොවියකුට සීමාවකින් තොරව වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමේ හැකියාව තිබෙන බව වී එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.
ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් කීරි සම්බා වී කිලොවක් සඳහා රුපියල් 55.00ක්ද සම්බා වී කිලෝවක් සඳහා රුපියල් රුපියල් 52.00ක් සහ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 50.00ක් වශයෙන් රජයේ සහතික මිලක් ගොවීන්ට ගෙවනු ලබන බව ඒ මහතා කීය.
ඊට අමතරව මණ්ඩලයට අලෙවි කරනු ලබන සෑම වී කිලෝවක් සඳහාම වී අලෙවි මණ්ඩලය රුපියල් 1.50ක මුදලක් ප්‍රවාහන වියදම් වශයෙන් ගොවියාට ලබාදෙන බවද කීවේය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරතවෙමින් උප සභාපතිවරයා මේ බව ප්‍රකාශ කලේය.
තෙතමනය සහිත වී දිස්ත්‍රික්කයේ පෞද්ගලික සහල් මෝල් හිමියන් මගින් මිළදී ගැනීමේ වැඩපිළිවෙල මෙවරද ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කලේය.
මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලයට ගැනීම ආරම්භ කර තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පැවැසීය.

2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුවේ වී මිලදී ගැනීම් අරඹයි